(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අද මුළු ලෝකෙම  විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට  විරුද්ධ වන්නේ  එය  වැරදි  සහ දුෂ්ට නිසා යැයි සමගි ජන බලවේගයේ  කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී  නීතිඥ අජිත් පී  පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.

තමන්ට අවශ්‍ය විනිසුරුවරුන් සංඛ්‍යාවක් තියා ගැනීම මෙහි අරමුණ බව පැවසූ මන්ත්‍රීවරයා  ජනාධිපතිවරයා සහ අගවිනිසුරුවරයා සම්ප්‍රදායට විරුද්ධව කටයුතු කරන බවද ප්‍රකාශ කළේය

ඔහු මෙසේ පැවසුවේ  විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන (සංශෝධන)  පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.