(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන මහත්වරු අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්තමාන තත්වය පිළිබ`ඳව විශේෂ සාකච්ඡාවක් ඉන්දීය මහකොමසාරිස්වරයාගේ නිලනිවසේදී අද (27) පැවැත්විණි.

වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව මෙහිදී මහකොමසාරිස් සහ රාජ්‍ය අමාත්‍යවරයා දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්හ.

එම අවස්ථාවට ඉන්දියාව නියෝජනය කරමින් සහභාගි වූ දූත කණ්ඩායම සමඟ පැවැති සාකච්ඡාවේ තොරතුරු එහිදී මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඉන්දීය මහකොමසාරිස්වරයාට දැනුම් දුන් බව ද මුදල් රාජ්‍ය අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළේය.