විදුලි කුළුණේ පැටලුන ගුවන් කුරුල්ලා ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ (27) පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ. 28 November 2022
අගමැතිගේ පුතාත් කෝච්චියේ යනවාලු ’’වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා’’යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2022
ඒ.ටී.එම් කාඩ් උස්සා මුදල් සොරාගත් අයෙක් මාට්ටු බංකු ඒ ටී එම් යන්ත්‍ර අසල සිට පුද්ගලයන් සතු බැංකු කාඩ් වංචනික ලෙස ලබාගෙන ඒවායෙන් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගත් සැකකරුවෙක් දොම්පේ ප්‍රදේශයේ දී බම්බලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 28 November 2022
රටගිය අයගෙන් වැඩ ගන්න වැඩක් අරඹයි විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 28 November 2022
අවුරුද්දකදී ජීවිත තුන් දාහක් මගමරුවාට බිලි රිය අනතුරුවලින් වසරකදී මේ රටේ ජීවිත තුන් දහසක් පමණ අහිමි වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පාර්ලිමේන්තුවේදී අද (28) පැවසීය. 28 November 2022
ආර්ථික අපරාධ කිරීම පූල් එකේ නානවාට වඩා බරපතලයි රටේ දේශපාලකයන් ආර්ථික අපරාධ කර ඇතැයි ජාත්‍යන්තරය විසින් නිගමනය කිරීම අරගලයේ තරුණ තරුණියන් ජනාධිපතිගේ පූල් එකට පැන නානවාට වඩා බරපතළ සිද්ධියක් බව දේශපාලකයන් අවබෝධ කරගත යුතු බව ජාතික ජනබලවේගයේ පත්කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 28 November 2022
මහව යාපනය දුම්රිය ධාවනය ජනවාරි 15 සිට නවතී දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසීය. 28 November 2022
හිතවත් බස් හිමියන්ට තාවකාලික ධාවන බලපත්‍ර 100ක් දීලා ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් නිකුත්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වාර්තා වේ. 28 November 2022
ලංකාව මාධ්‍ය නිදහසින් පල්ලම් බසී ලංකාව ජනමාධ්‍ය නිදහස අතින් වසරක් ඇතුළත රටවල් 19කින් පල්ලම් බැස ඇතැයි සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 28 November 2022
අමාත්‍ය ඩයනාට නොතීසි බ්‍රිතාන්‍ය පුරවැසි භාවය දැරීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි ඉල්ලා නීතිඥ අසිල් ෆාරිස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය. 28 November 2022
ලොව හොඳම ඡායාරූප අතරට ගෝඨාගේ කාර්යාලයත් ටයිම්ස් සඟරාව මගින් 2022 වසරේ හොඳම ඡායාරූප 100 අතරට ඉකුත් ජූලි 15 වැනිදා අරගලකරුවන් ඇතුළු වී විනාශ කරන ලද එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පිහිටි කාර්යාලයේ ඡායාරූපයද එක් කොට තිබේ. 28 November 2022
සංඝයාට අවමන් කළාට සජිත්ගේ අප්‍රසාදය පාලකයන් මහා සංඝරත්නය සිවුරු හැඳගත් බට්ටන් ලෙස ආමන්ත්‍රණය කිරීම නුසුදුසු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවැසීය. 28 November 2022
බැසිල් කටුනායක පහසුකම්වලට ඩොලර් ගෙව්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයකින් පසුව නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුගිය 20 වෙනිදා අනීතික හෝ අසම්මත කිසිවක් සිදුනොවූ බවත් ඒ සම්බන්ධයෙන් ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොර බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 28 November 2022
මිලියන තිස් දාහක බෝග සත්තු කති 2022 වසරේ පළමු භාගයේ වගා කරන ලද වී ඇතුළු ආහාර බෝග 28 ක නිෂ්පාදන මෙට්‍රික් ටොන් 144,989ක් හා පොල් ගෙඩි මිලියන 93ක් වන සතුන් විසින් විනාශ කර ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය විසින් සකස් කර ඇති ගොවි ජන- වන සත්ව ගැටුම් පිළිබඳව පර්යේෂණ වාර්තාව පවසයි. 28 November 2022
කාලගුණයේ වෙනසක් ඌව, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අද (28) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 28 November 2022
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පරක්කුයි මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ. 28 November 2022
බදුල්ලට නාය යාමේ අවදානමක් බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 28 November 2022
තෙල් සේවකයන් පිරිසකට උතුරන්න ඕටී අතිකාල දීමනා සීම කරන්නැයි මුදල් අමාත්‍යංශය නියම කර ඇතත් ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ප්‍රධාන අංශ තුනක ඇතැම් නිලධාරීන්ට හා සේවකයනට මාසයකට පැය 150ක අතිකාල දීමනාවක් ගෙවන බව වාර්තා වේ. 28 November 2022
කුඩාඔය අහස වර්ණවත් කළ පැරිෂුට් සංදර්ශනය යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ පාඨමාලාව හැදෑර සෙබළුන්ගේ විසිර යාමේ උත්සවය කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලදි පැවැත්විණි. 27 November 2022
අලි සබ්රි ඇමෙරිකාවට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අනිද්දා (29) ඇමෙරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය. 27 November 2022
පැල් රකින්න ගොස් ගිනි ගොඩට වැටී මරුට ඇටවීරගොල්ලෑව,නාගිරි කන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි ගොවියකු පැලෙන් ගිනි ගොඩකට වැටි එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ඇටවීරගොල්ලෑව පොලිසිය කියයි. 27 November 2022
“ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” ආයතනය ගැන අධිකරණයට කියයි පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ සැකකාර ප්‍රධානින් වංචා කරන ලද මුදල්වලින් ජාත්‍යන්තර ඩොලර් මිලදී ගැනීම මෙන්ම මෙරට රාජ්‍ය ආයතනවල ද මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත. 27 November 2022
පුහුණුවට රට ගිය නිලධාරීන් නවයක් පැනලා විවිධ අධ්‍යයන සහ පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය 2021 වසරේදී විදේශයන්ට යැවූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු නැවත සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 27 November 2022
සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථ සාධකයටත් විදලා ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි. 27 November 2022
බුද්ධිකගෙන් තවත් අනාවරණයක් ඇතැම් පරීක්ෂණ හිතාමතාම යට ගැසීම හේතුවෙන් සුරාබදු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල ඉලක්ක ගත බදු ආදායම් ලබාගැනීමට නොහැකිව ඛේදවාචකයකට රට ඇද වැටී ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි. 27 November 2022
කතක මැලේසියාවේ අතරමං කළ කතක් මාට්ටු විදෙස්ගතව සිටින තැරැව්කරුවන් සමග එක්ව මුදලට මිනිස් ජාවාරම් කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි. 27 November 2022
නංගිට ගැසුවැයි මස්සිනාගෙන් මස්සිනාට කතුරු පහරක් පානදුර, පින්වත්ත පදිංචි තරුණ යුවළක් දුරදිග ගොස් පහර කෑමට ලක් වූ බිරියට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි සැමියාට රෝහලේ දී කතුරු ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය කියයි. 27 November 2022
සතියේ දිනවල විදුලි කැපීම විනාඩි 20 කින් වැඩි වෙයි පැය දෙකයි විනාඩි 20 බැගින් හෙට (28) සහ අනිද්දා (29) දෙදින විදුලිය කප්පාදු කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පස්වරුවේ පැවසීය. 27 November 2022
ලිට්රෝ ගෑස් සිලින්ඩර 80,000 ක් වෙළෙඳපොළට ලිට්රෝ ගෑස් සමාගම හෙට සහ අනිද්දා (28 සහ 29) දෙදින ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත් කරන බවත් ඉරිදා දිනවල කර්මාන්ත ශාලා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ගෑස් නිකුත් කරන බවත් එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 November 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026