IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රටගිය අයගෙන් වැඩ ගන්න වැඩක් අරඹයි

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ ලාංකික සම්භවයක් සහිත විදේශ පුරවැසියන්ගේ උදව් රටට ලබා ගැනීම සඳහා සුවිශේෂී කාර්යාලයක් ලංකාවේ පිහිටුවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජනාධිපති කාර්යාලය සමඟ එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද බාලසූරිය මහතා සඳහන් කළේය.

ලක්ෂ  50ක් පමණ ලාංකිකයන් විදෙස් රට වල ජීවත් වෙන අතර ලංකාව  ඔවුන්ගෙන් හරි ප්‍රයෝජනයක් ගන්නවදැයි සිතා බැලිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.



අදහස් (9)

රටගිය අයගෙන් වැඩ ගන්න වැඩක් අරඹයි

Madhura Ariyaratne Monday, 28 November 2022 01:05 PM

ලංකාවෙන් ගොස් විදේශ පුරවැසියන්ට ද්විත්ව පුරවැසිභාවය සාධාරණ මිලකට ලබාගත හැකි වූවොත් ඒ පුද්ගලයා ලංකාව ආයෝජන කරනු ඇත. ආණ්ඩුව බලන්නේ කෙටිකාලීන විසඳුම් විතරමයි...

:       2       11

ganegoda Monday, 28 November 2022 01:27 PM

දැන් ඔබ ඔය ජාතික ඇඳුමකුත් ඇඳගෙන අමුඩෙකුත් ගහගෙන මොකාටද ඔය එන්න ලෑස්ති වෙන්නේ?

:       1       6

SAMAN - DOHA Monday, 28 November 2022 01:30 PM

අපෙන් වැඩක් ගන්න ඉස්සරවෙලා අපි දුක් විඳලා හම්බකරලා එවන සල්ලි හොරකම් කරන එක නවත්තන්න ක්‍රමයක් හදන්න...

:       2       17

Ruhunu Monday, 28 November 2022 02:17 PM

අන්න ඔමාන්වලින්නම් හරියට වැඩ ගන්නවලු. ගෑනු රටවල් වලට පිටත් කරල උන්ගෙන් වැඩක් ගන්න මෙ කතාකරන්නෙ පිරිමිද?

:       1       5

chandima Monday, 28 November 2022 02:20 PM

පිටරට ගිය මිනිස්සුන්ට වයසට ගිහින්වත් ආපසු එන්න තිබුනු මව්බිම වනසපු අමන රැල රකින්න මෙ රටගිය මිනිස්සු ගොන්නු කියල හිතුවද?

:       1       5

බද්රානි Monday, 28 November 2022 02:24 PM

හිඟන කමින් මිදෙන්න කියලා පිටරටකට ගිහිල්ලා, යමක් හරිහම්බ කර ගත්තාට පස්සේ, අනුන්ගේ හිඟනකම නැතිකරන්න ගිහින් තමනුත් නැවත හිඟන්නන් බවට පත් නොවී, ඒ රටවලින් හම්බකර ගත්ත මුදල් වලින් සැපවත් ජීවිතයක් ගත කරන්න. නැත්නම් ඉතින් ජීවිත කාලය පුරාම හොරුන්ට කඹුරලා පව්කාරකමට හැමදාම හිඟන්නන් ලෙස ඒ රටවලත් ජීවත් වීමට ඔබට සිදුවේවි. ඔබ ජීවත් වෙන රටේ ජාතීන්ට පින්දීලා ඔවුන් සමග සහයෝගයෙන් ජීවත් වෙමින් ඒ රටවල දියුණුවට දායක වන්න, එය ඔබට ආශිර්වාදයක් වේවි. නැත්නම් ඉතින්, ඒ රටවලට පින්සිදු වෙන්න, කුසගිනි පුරෝගෙන කාපු පතේ පහරමින්, ලංකාවේ හොර තක්කඩි පාලකයින්ගේ පදේට නටමින් ජීවිතයම ශාපයක් කරගෙන ඒ රටවලත් හිඟන්නන් ලෙස ජීවිත කාලයම ගත කරන්න. ජීවිතය තියෙන්නේ ටික කාලයයි. ඒ ටික කාලය ඉන්න තැනක සතුටින් සමාදානයෙන් ජීවත් වෙන්න. පුහු දේශප්‍රේමීන් නොවී...!

:       1       10

pakeer Monday, 28 November 2022 02:48 PM

ඒ ටිකත් හොරකම් කරන විදිහක්ද?

:       1       6

තිස්ස සේනානායක Monday, 28 November 2022 04:30 PM

ලංකා ආණ්ඩුව ශ්‍රීලංකා සම්භවයක් ඇති විදෙස් රටවල ජිවත් වන ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රජා අයිතිය අහිමි කරලයි තියෙන්නේ. ද්විත්ව පුරවැසියෙක් ලෙස මට නම් ශ්‍රී ලංකාවට උදව්වක් වශයෙන් යමක් කිරීමටත් ලැජ්ජයි.

:       0       2

chandima Monday, 28 November 2022 07:30 PM

එක වෙලාවකට ශ්‍රී ලාංකික විදේශ පුරවැසියන්ගේ අයිතිවාසිකම් කප්පාදු කරනවා, තහනම් නියෝග දානවා. පස්ස බිම ඇනුණාම උදව් ගන්න හදනවා. එක කාලයක් ද්විත්ව පුරවැසිකම් දුන්නේ රජපවුලේ අයට විතරයි. මතක නැතිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site