(සුජිත් හේවාජුලිගේ )
විවිධ අධ්‍යයන සහ පුහුණුවීම් කටයුතු සඳහා පසුගිය 2021 වසරේදී විදේශයන්ට යැවූ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 9 දෙනෙකු නැවත සේවයට වාර්තා කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අනිවාර්ය සේවා කාලයක් සේවය කිරීම සඳහා එළැඹී ගිවිසුම කඩ කිරීම නිසා එම නිලධාරින්ගෙන් දඩ මුදල් වශයෙන් රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂයකට වැඩි මුදලක් අයකර ගැනීමට ඇතත් මෙතෙක් එම මුදල අයකර ගෙන නැතැයිද එහි දැක්වේ.
මේ අනුව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව කටයුතු කර එම මුදල් අයකර ගන්නැයි විගණන කාර්යාලය එම ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ එම මුදල් අයකර ගැනීමේ උත්සාහය අතහැර දමා නැති බවයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පුහුණුවට රට ගිය නිලධාරීන් නවයක් පැනලා
Sunil Monday, 28 November 2022 06:00 AM
ඔව්. උත්සාහය සදාකල්ම පවතියි.
de silva Monday, 28 November 2022 06:11 AM
මහජන මුදල් වලින් පුහුණු වලට ගොස් පලා යන රජයේ නිලධාරීන්ගෙන් දඩමුදල් අයකරගැනීම පමණක් ප්‍රමාණවත් නොමැත.
E M Wijeyekoon Monday, 28 November 2022 07:12 AM
ඔවුන්ගෙන් බහුතරයක් දේශපාලන ආධාරකරුවන් විය හැකිය.
මහජනයා Monday, 28 November 2022 07:53 AM
වටිනාකමට සරිලන නිශ්චල දේපල ඇපයට තබාගන්නා ක්‍රමයක් ස්ථාපිත කරන්න. පමාවීම සඳහා පොලියක්ද ය විය යුතුයි.
martintin Monday, 28 November 2022 10:26 AM
ඔය වීසා එකෙන් හැංගිලා ඉන්න පුළුවන් වුණාට එළියට බැහැලා රැකියාවක් කරන්න මුදල් උපයන්න විදිහක් නැත. ඒ රටේ පොලිසියට අහුවෙච්චි ගමන් මේ ගොල්ලෝ ආපහු ලංකාවේ..!
pakeer Monday, 28 November 2022 11:10 AM
මම නම් ඒ් පැනපු මිනිසුන්ගෙ පැත්තෙ. කමක් නැහැ...ඔයාල හොදින් ඉන්න ..පුලුවන් නම් මෙහෙ දුක් විදින අනිත් අයවත් ගන්න බලන්න. එකයි කරන්න පුලුවන් දේ ඔයාලට.