IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කතක මැලේසියාවේ අතරමං කළ කතක් මාට්ටු

ටෝනි කරුණානායක

විදෙස්ගතව සිටින තැරැව්කරුවන් සමග එක්ව මුදලට මිනිස් ජාවාරම් කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් කාන්තාව මිනුවන්ගොඩ , හොරම්පැල්ල ,  පදිංචි කාන්තාවක් බව පොලිසිය කීය.

සැකකාරිය සහ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අවස්ථාවේ හිතවත් වී තම හිතවතකු මාර්ගයෙන් මැලේසියා රටේ රැකියාවක් ලබා දිය හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් වැය වන බවත් සැකකාරිය පැමිණිලි කාරියට පවසා ඇති බව පොලිසිය පවසයි .

පැමිණිලිකාරිය ඇඟලුම් කම්හල් සේවයෙන් ඉවත් වී සැකකාරියට රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබා දී ඉකුත් 17 වෙනිදා මැලේසියා රටේ රැකියාව සඳහා කටුනායක ගුවන් තොටුපලින් පිටත්ව ගොස් තිබේ.

මැලේසියා ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් පැමිණිලිකාරිය සතු ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී එම ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට තහවුරු කරගෙන ඇත .

පැමිණිලිකාරියට එම රටට ඇතුල්වීමට අවසර ලබා නොදී ඉකුත් 21 වෙනිදා පැමිණිලිකාරිය මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිසිය පවසයි .

පැමිණිලිකාරිය මැලේසියා රටේ ගුවන් තොටුපලේ රැඳී සිටියදී සැකකාරියට ඇමතුමක් ලබාදී ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

කතක මැලේසියාවේ අතරමං කළ කතක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site