ඇමෙරිකා එක්සත් ජනපදයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ අධිබලැති විදුලි රැහැන් කුළුණක් මතට කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් ඊයේ(27) පාරිභෝගිකයන් 117000 කට විදුලිය විසන්ධි වූ බව මේරිලන්ඩ් ප්‍රාන්ත බලධාරීහු ප්‍රකාශ කළහ.
කුළුණේ ගුවන් යානය ගැටීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා පොළොවේ සිට අඩි 100 උඩ හිරවී තිබේ.එම ගුවන් යානයේ නියමුවා වූ 65 හැවිරිදි පැට්‍රික් මාර්කල් සහ එහි ගමන් ගත් 66 හැවිරිදි ජැන් විලියම්ස් ඉරිදා රාත්‍රියේ බේරාගත් බවත් ඔවුන් බරපතල තුවාල ලබා සිටි බවත් බලධාරීන් පවසා ඇත.
ඊයේ එරට වේලාවෙන් පස්වරු 5.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට හේතුව තවමත් අනාවරණය වී නොමැති බව පැවැසෙයි.
034
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
විදුලි කුළුණේ පැටලුන ගුවන් කුරුල්ලා