IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හිතවත් බස් හිමියන්ට තාවකාලික ධාවන බලපත්‍ර 100ක් දීලා

 

(යොහාන් භාසුර)

ජාතික ගමනාගමන කොමිසමේ ප්‍රධානියකුගේ මැදිහත්වීමෙන් දුර ගමන් සේවා තාවකාලික බස් රථ බලපත්‍ර 100 කට අධික සංඛ්‍යාවක් නිකුත්කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයෙන් වාර්තා වේ.

උත්සව සමයේදී සහ විශේෂ අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීමට අැති තාවකාලික බස් රථ ගමන් බලපත්‍ර මෙසේ එම ප්‍රධානියා හිතවතුන්ට නිකුත් කර ඇති බවත් වසර ගණනාවක සිට නීත්‍යානුකූලව බස් රථ බලපත්‍ර ඉල්ලා ඇති බස් රථ හිමියන්ට බලපත්‍ර නිකුත් කර නැති බවත් ප්‍රවාහන අමාත්‍යාංශයට පැමිණිලි ලැබී ඇති බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවැසීය.

ජාතික ගමනාගමන කොමිසම නිකුත් කර ඇති මෙම තාවකාලික බස්රථ ධාවන බලපත්‍ර පිළිබඳව ඉදිරියේ දී කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (1)

හිතවත් බස් හිමියන්ට තාවකාලික ධාවන බලපත්‍ර 100ක් දීලා

chandima Monday, 28 November 2022 02:23 PM

අර සද්දෙ දාලා දෙන්න හදන, කංසා වවන බලපත්‍රවලටත් වෙන්නේ ඔය දේම තමයි. අන්තිමේ ඒ ටික බලපත්‍ර බෙදාගනීවි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site