IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


“ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” ආයතනය ගැන අධිකරණයට කියයි

(නිමන්ති රණසිංහ)

පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නමැති ආයතනයේ සැකකාර ප්‍රධානින් වංචා කරන ලද මුදල්වලින් ජාත්‍යන්තර ඩොලර් මිලදී ගැනීම මෙන්ම මෙරට රාජ්‍ය ආයතනවල ද මුදල් ආයෝජනය කර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර ඇත.

මෙම සිද්ධියට අදාළ සැකකාර චීන ජාතිකයන් දෙදෙනා වීසා ලබා ලබාගැනීම සඳහා ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බවත් රුපියල් බිලියන 1.44 ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබී සොයා ගත් බවත් නීතිපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතිඥ හංස අබේරත්න මහතා මෙම දැනුම් දීම සිදු කර තිබේ.

මෙම සැකකරුවන් රුපියල් බිලියන පහළොවකට අධික මුදල් වංචාවෙන් සැකකරුවන් මිලදී ගත් දේපල සම්බන්ධ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන බව මෙහිදී රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

මෙම සිද්ධියට අදාළ සැකකරුවන් 8 දෙනාගෙන් කිහිප දෙනෙක්ම සුපිරි නිවාස සංකීර්ණයන් හි නිවාස මිලට ගෙන ඇති බවත් තවත් අය රුපියල් ලක්ෂ සියයකට අධික මුදල් වැය කරමින් නිවාස ඉදිකරගෙන ඇති බවත් අධිකරණයට දැනුම් දුන් රජයේ නීතිඥවරයා, සැකකරුවන් මිලදී ගත් සුපිරි වාහන එකොළහක් සම්බන්ධයෙන් ද කරුණු අනාවරණය වී ඇති බවය.

මෙම සිද්ධියට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව ඇප මත සිටි පළමුවන සැකකරු වන අමල් කීර්ති බණ්ඩාර නමැත්තාද රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 



අදහස් (2)

“ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” ආයතනය ගැන අධිකරණයට කියයි

chandani de mel - uk Monday, 28 November 2022 04:42 AM

මේ කේස් එකෙත් මුලම ඉන්නේ කවුද.?

:       0       2

Sunil Monday, 28 November 2022 06:16 AM

මෙවන් මහා පරිමාණ වංචාවල අඩුවක් දක්නට නැහැ,

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site