IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථ සාධකයටත් විදලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ලංකා ධීවර සංස්ථාව සේවක අර්ථසාධක අරමුදලට(E.P.F) සහ සේවක බාරකාර අරමුදලට (E.T.F) රුපියල් කෝටි 60 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) පවසයි.

එම අරමුදල්වලට එලෙස මුදල් ගෙවීම පැහැරහැරීම නරක පූර්වාදර්ශයක් බව කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.

ඒ මුදල් ගෙවීම සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් සභාපතිවරයා මේ අනුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට නියම කළේය.

මේ අතර සපයන ලද මාළු වෙනුවෙන් ධීවර අලෙවිසල් සහ රෝහල් යනාදී ස්ථාන රැසක් ධීවර සංස්ථාවට රුපියල් කෝටි තිහකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයිද කෝප් කමිටුවේදී තොරතුරු අනාවරණයවිය.

මේ තොරතුරු අනාවරණය වූයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය 25 වැනිදා රැස්වූ අවස්ථාවේදීය.

මේ අතර ලංකා ධීවර සංස්ථාව ප්‍රති ව්‍යුහගතකරණය කිරීම සඳහා යෝජනා කැඳවන ලෙසද කමිටුව ධීවර සංස්ථාවේ ප්‍රධානීන්ට දැනුම් දුන්නේය.

රජයේ රෝහල්වලට ලංකා ධීවර සංස්ථාව දේශීය මාළු වර්ග ලබා නොදී තලපත් මාලු විදේශයන්ගෙන් ආනයනය කර දෙන බවට මෙහිදී සඳහන්වීමෙන් පසු කෝප් කමිටු නියෝජිතයෝ ඒ සම්බන්ධයෙන් සංස්ථා බලධාරීන්ගෙන් කරුණු විමසුහ. එහෙත් ඊට පැහැදිලි පිළිතුරක් ලබාදීමට සංස්ථා බලධාරීන් අපොහොසත්වූ බව එහි ආරංචිමාර්ග සඳහන් කරයි.

 



අදහස් (0)

සංස්ථාව ධීවර සේවකයන්ගේ අර්ථ සාධකයටත් විදලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site