(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"වෙලාව ලැබෙන විදිහට මමත් කෝච්චියේ යනවා"යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මරදානේ සිට වග කහහේන ස්ටේෂන් එකට තමා කෝච්චියෙන් ගමන් කරන බව කී ගුණවර්ධන මහතා සාමාන්‍යයෙන් දැන් එම දුර ගමන් කිරීම සඳහා රුපියල් 120ක් අය කරන බව පැවසීය.
අවුරුදු 165ක් පරණ දුම්රිය දෙපාර්තුමේන්තුව වැරදි පීලි වල යන්න නොදී හරි පීල්ලකට ගත යුතු බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සිටින බොහෝ දක්ෂ අය කියන බවද පොදු ප්‍රවාහනය මීට වඩා ආකර්ෂණීය කළ යුතුව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් යදාමිණී ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමාව කිසිකෙනෙක් අඳුරන්නේ නැතිනිසා හොඳයි...!
මම ඉන්න කෝච්චියට නැග්ගොත්, පාලමක් ළංවෙනකොට, බෙල්ලෙන් අල්ලලා තල්ලු කරනවා එළියට...
මෙයා බොරළුගොඩ පැත්තේ කෙනෙක් නම් නෙවෙයි. තාත්තගේ පිහිටෙන් පිනට පත්කරපු මන්ත්‍රී කෙනෙක්. මෙයාට විතරක් නෙවෙයි.
මෙයාට ආරක්ශාව ගැන නම් කිසිම බයක් වෙන්න හේතුවක් නෑ. මොකද කොස්ගම බොරලුගොඩ පලාතෙ මැස්සෙක්වත් මෙයාව දන්නෙ නෑ
ඇයි ඔහේල වෙනම මිනිස් වර්ගයක්ද, අපි වගේ නෙමෙයිද
ඉතින් අපිට පාන්ද?
බොරලුගොඩ නරියාගේ පුතා කෝච්චියේ යනවා කියලා අපි ඔය ඇහැව්වමයි .දේසපාලුවෝ කොහොමටත් ජනතාව අන්දවන අය කියලා අපි දැනගෙන හුගක්කල් ?
ඔය කියන්නේ අර පිං අගමැතිගේ පුතාද?
යනවා නම් යනවා ඇත්තේ රියදුරු කුටියේ... නැතිනම් කෝච්චියේ සාමාන්‍ය මිනිස්සු එක්ක ගියානම් කැලණිවැලි මාර්ගයේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා දකින්න තිබ්බා...