(පැතුම් දර්ශන)
ඇටවීරගොල්ලෑව,නාගිරි කන්ද ප්‍රදේශයේ හේනක පැල් රකිමින් සිටි පුද්ගලයකු පැලෙන් ගිනි ගොඩකට වැටි එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි ඇටවීරගොල්ලෑව පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ 11/ඒ, අලුත්ගම,දොරගමුව,නුවර යන ලිපිනයේ පදිංචිව සිටි තෙන්නකෝන් මුදියන්සේලාගේ මල්ලව බංඩාර නැමැති හැටදෙහැවිරිදි එක්දරු පියෙකි.
මියගිය පුද්ගලයාගේ දියණිය ඇටවීරගොල්ලෑව ප්‍රදේශයෙන් විවාහ වී ඇති බවත් එමනිසා ඔහු තාවකාලිකව දියණියගේ නිවසේ පදිංචිව සිට ඇති බවත් පොලිසිය පවසයි.
ඒ අතරතුර දියණියගේ හේනක පැල් රැකීමද සිදු කර ඇති මරණකරු සුපුරුදු පරිදි පැල් රකින්නට ගොස් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණමට ලක්ව ඇත. පැලෙන් බිමට බැසීමට යාමේදී පය ලිස්සාගොස් ගිනි ගොඩට වැටී ඇතැයි පොලිසිය සැකකරයි.
2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පැල් රකින්න ගොස් ගිනි ගොඩට වැටී මරුට