IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහව යාපනය දුම්රිය ධාවනය ජනවාරි 15 සිට නවතී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය  ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව  ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම්  අඩෙක්කලනාදන් මහතා  මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.

ඔබ තුමාගේ ඉල්ලීම ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා. මහව සිට යාපනය  දක්වා  දුම්රිය ජනවාරි 15 වැනිදා සිට  මාස පහකට නතර කරන්න තියෙනවා.   යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා.  මාස 5ක් ඇතුළත ඒක නිම කරනවා. ඊට පස්සේ අපිට හොඳ දුම්රිය සේවයක් යාපනයට ලබා දෙන්න පුළුවන්.හොඳ දුම්රිය මාර්ගයක් ඇති කරන්න පුළුවන්.



අදහස් (5)

මහව යාපනය දුම්රිය ධාවනය ජනවාරි 15 සිට නවතී

Kumara Monday, 28 November 2022 01:09 PM

මේ ඇමතියා රෙද්දක් ඇඳගෙනද මෙහෙම කියන්නේ? ප්‍රධානම දුම්රිය මාර්ගය අබලන් වෙලා දුම්රිය ධාවනය කරන්න බැරි වෙනකම් ඉන්නද ඇමතියෙක් පත්කරලා තියෙන්නේ...?

:       2       12

LalithM Monday, 28 November 2022 01:09 PM

ඔබට දැන් විනිශ්චය කළ හැකියි. කවුද වැඩියෙන් රට විනාශ කළේ කියලා...? රාජපක්ෂ කණ්ඩායමද? LTTE එකද?

:       2       9

Prabha Monday, 28 November 2022 02:36 PM

ඕක හදලා වසර කීයද?

:       1       1

pakeer Monday, 28 November 2022 02:46 PM

මාස 5න් හදන්නේ කොහොමද? බොරු කියන්න එපා... වෙරළබඩ එක හැමදාම කැඩිලා... මේක ඉවරයි හලෝ. ඉවරයි... තව වෙන්න දෙයක් නැහැ.

:       1       3

චන්දන Monday, 28 November 2022 03:01 PM

කෝච්චි පාරවල් හැදීම අන්ත දූෂිතයි. යාපනේ පාර හදලා අවුරුදු කීයද? මේවා ජාතික අපරාධ. හෙන හතම නොකඩවා ගහන්න ඕනෑ...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site