(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දුම්රිය මාර්ගය අබලන් තත්වයට පත්ව ඇති හෙයින් එය පිළිසකර කරන තෙක් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය ජනවාරි මස 15 වැනිදා සිට මාස 5ක කාලයක් නවත්වන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (28) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේද සඳහන් කළේය.
ඔබ තුමාගේ ඉල්ලීම ගැන අපි විශේෂ අවධානය යොමු කරනවා. මහව සිට යාපනය දක්වා දුම්රිය ජනවාරි 15 වැනිදා සිට මාස පහකට නතර කරන්න තියෙනවා. යාපනය දක්වා දුම්රිය දිගටම වැඩ කළා. පිළිසකර කර නැති නිසා මහව ඉඳලා යන්නම බැරි තැනට ඇවිල්ල තියෙනවා. මාස 5ක් ඇතුළත ඒක නිම කරනවා. ඊට පස්සේ අපිට හොඳ දුම්රිය සේවයක් යාපනයට ලබා දෙන්න පුළුවන්.හොඳ දුම්රිය මාර්ගයක් ඇති කරන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඇමතියා රෙද්දක් ඇඳගෙනද මෙහෙම කියන්නේ? ප්‍රධානම දුම්රිය මාර්ගය අබලන් වෙලා දුම්රිය ධාවනය කරන්න බැරි වෙනකම් ඉන්නද ඇමතියෙක් පත්කරලා තියෙන්නේ...?
ඔබට දැන් විනිශ්චය කළ හැකියි. කවුද වැඩියෙන් රට විනාශ කළේ කියලා...? රාජපක්ෂ කණ්ඩායමද? LTTE එකද?
ඕක හදලා වසර කීයද?
මාස 5න් හදන්නේ කොහොමද? බොරු කියන්න එපා... වෙරළබඩ එක හැමදාම කැඩිලා... මේක ඉවරයි හලෝ. ඉවරයි... තව වෙන්න දෙයක් නැහැ.
කෝච්චි පාරවල් හැදීම අන්ත දූෂිතයි. යාපනේ පාර හදලා අවුරුදු කීයද? මේවා ජාතික අපරාධ. හෙන හතම නොකඩවා ගහන්න ඕනෑ...