අසත්‍ය වීඩියෝ අන්තර් ජාලයට දැමූ තරුණයෙක් රිමාන්ඩ් රජයට විරුද්ධව මහජන විරෝධතාවය ඇතිවන ආකාරයට උතුරේ ද්‍රවිඩ ඊලාම් විරුසැමරුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදිවු අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ තරුණයකු 03 අඟහරුවාදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියා දිසානායක යසරත්න මහත්මිය අද (30) නියෝග කළාය. 30 November 2024
නාවික හමුදාවට සෙත් පතා ඉස්ලම් දේව මෙහෙයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිමානවත් 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදාවට ආශිර්වාද පතා පැවැත්වෙන ආගමික වැඩසටහන් මාළාවේ ඉස්ලාම් දේව මෙහෙය අද දින කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා පල්ලියේදී පැවැත්විණි. 30 November 2024
මෝටර් රථ අනතුරකින් කළමනාකරණ සහකරුවෙකු මරුට මහරගම පමුණුව හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි ජීප් රථයක් මෝටර් රථ දෙකක ත්‍රී රෝද රථයක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරත කළමනාකරන සහකාරවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි. 30 November 2024
පෙට්‍රල් රුපියල් 2 කින් අඩුකරයි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය. 30 November 2024
ගසක් කපන්න ගිය අයකු විදුලි සැර වැදී මරුට හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලිසැරවැදී එම ස්ථානයේදීම අද (30) සවස ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි. 30 November 2024
උඩරට මාර්ගයේ දුම්රිය ඇල්ල, නානුඔය හා බණ්ඩාරවෙල දක්වා මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල , නානුඔය හා බණ්ඩාරවෙල දක්වා දුම්රිය ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි. 30 November 2024
නගර රැසක වායුව සුළු අහිතකර මට්ටමකට කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 30 November 2024
විපක්ෂයේ මුල් පුටු පෙරළේ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාවේ. 30 November 2024
හිතුමතේ පත් කරපු මැතිසබයේ කමිටු රොත්තක් අහෝසියි පසුගිය රජය සමයේදී හිතුමතේ පත් කර ඇතැයි කියන පාර්ලිමේන්තුවේ කමිටු රැසක් අහෝසි කිරීමට හෝ වෙනස් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 30 November 2024
‘‘කෙහෙළිය කැබිනට්ටුවත් නොමඟ යවලා‘‘ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අණාවරණය විය. 30 November 2024
වන අලි පහරින් නාවික ලුතිතන්වරයකු මරුට පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අැතැයි පූනෑව පොලිසිය කියයි. 30 November 2024
නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත් පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ වැසිකිලි යෑමට සිදුවූ බැවින්, දුම්රිය 125 ක් ප්‍රමාද වූ බව වාර්තා වේ. 30 November 2024
සහල් හිඟයට විසඳුම් ආනයන කරුවන් ජනපතිට දෙයි සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති. 30 November 2024
මිලියන ගණනක කෙසෙල් ගෙඩිය කාලා නව කලා නිර්මාණයක් ලෙස හඳුන්වා දෙමින්, ටේප් පටිවලින් බිත්තයට ඇලවූ කෙසෙල් ගෙඩියක් පසුගිය දා ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 180 ක් පමණ) මුදලකට අලෙවි විය. 30 November 2024
‘‘ෆෙන්ගල්‘‘ තමිල්නාඩුව දෙසට නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයෙ පවතින ෆෙන්ගල් සුළිකුණාටුව ඊයේ (29) රාතී වන විට ත්‍රිකුණාමලයට කිලෝ මීටර් 360ක් පමණ උතුරු දෙසින් සහ කන්කසන්තුරේ සිට කිලෝ මීටර් 280ක් පමණ ඊසාන දෙසින් පිිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපර්ත මේන්තුව දැනුම් දෙයි 30 November 2024
අල්ලස ගත් පොලිස් ලොක්කා මාට්ටු පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි. 30 November 2024
පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතය 30 November 2024
පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 29 November 2024
ආපදා මරණ 14 දක්වා ඉහළට රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 29 November 2024
දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ් ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව වැඩබලන මහේස්ත්‍රාත් ගැමුනු දිසානායක මහතා අද නියෝග කළේය. 29 November 2024
නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම් නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි. 29 November 2024
අවතැන් වූවන් බලන්න ඇමැති යයි තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය සුන්දරලිංගමි ප්‍රදිප් මහතා අද (29) එම ප්‍රදේශවල සංචාරයක නිරතවිය. 29 November 2024
මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වරදකරුවන් වු විත්තිකරුවන් හය දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා මරණීය දණ්ඩනය අද (29) නියම කළේය. 29 November 2024
‘‘ශ්‍රී ලංකාව කාටවත් හිස නවන්න අවශ්‍ය නෑ‘‘ එල්ල වන බාහිර පීඩනයන්ට ශ්‍රී ලංකාව හිස නොනැමිය යුතු බවත් විශේෂයෙන් මෙරට ආර්ථික තත්වයෙන් වාසි ගැනීමට ඇතැම් පාර්ශ්ව උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් මෙරට චීන තානාපති චී චෙන්හොන්ග් ප්‍රකාශ කළේය. 29 November 2024
ඉන්දියාවෙන් ඇල්ලූ කුඩු සමග සැකකරුවන ලංකාවට දෙයි ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ලබාදුන් බුද්ධි තොරතුරුකට අනුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 400 කට වැඩි තොගයක් රැගෙත් මෙරට බහුදින යාත්‍රා දෙකක් සමග ලාංකික සැකකරුවෝ පිරිසක් ඉන්දිය නාවික හමුදාව විසින් අද මෙරට නාවික හමුදාවට බාර දෙනු ලැබූහ. 29 November 2024
කොළඹට පැය 18ක ජල කප්පාදුවක් කොළඹ ප්‍රදේශ කීහිපයකට පැය දහ අටක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි 29 November 2024
පුටින්ගෙන් දැඩි නියෝගයක් එක් මිසයිලයකින් මුළු එක්සත් රාජධානියම බිමට සමතලා කළ හැකි රුසියාව සතු මාරාන්තිකම අවිය ලෙස සැලකෙන ’’සාතන් 2’’ අන්තර් මහද්වීපික න්‍යෂ්ටික මිසයිලය හැකි ඉක්මණින් යුද්ධය සඳහා සූදානම් කරන ලෙස රුසියානු ජනාධිපති සිය හමුදාවට නියෝග කර ඇතැයි පැවැසෙයි. 29 November 2024
හානිවූ වගා නැවත අරඹන්න ගොවීන්ට බිත්තර වී රජයෙන් අධික වර්ෂාව හේතුවෙන් හානි වූ වගාවන් නැවත ආරම්භ කිරීමට ගොවීන්ට අවශ්‍ය පූර්ණ සහය දීමට තීරණය කළ බව කෘෂිකර්ම, පශුසම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අද (29) පස්වරුවේ නිවේදනය කළේය. 29 November 2024
උසස්පෙළ ප්‍රශ්න පත්‍ර ගුවනින් ගෙනයයි ශ්‍රි ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විහාග මධ්‍යස්ථායන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්න පත්‍ර නැවත රැගෙන ඒම සිදුකරයි 29 November 2024
අගමැතිනිය එමීර් රාජ්‍ය තානාපතිවරයා හමුවෙයි අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසීර් අල් අමිරි මහතා අතර හමවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (29) පැවැත්විණි. 29 November 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026