IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ

(සුජිත් හේවාජුලිගේ )

පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී  පැවැත්වීමට නියමිතය

සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවල නායකයෝ සහභාගි වෙති.

එහිදී ගනු ලබන තීරණ මත පදනම්ව පළාත් පාලන  මැතිවරණයේ  නාම යෝජනා සම්බන්ධයෙන් අවසාන එකඟතාවයකට එළැඹීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන  අබේ රත්න මහතා පැවසීය

පළාත් පහළ මැතිවරණයට කැඳවූ නාම යෝජනා අවලංගු කරන ලෙස දේශපාලන පක්ෂ රැසක් රජයෙන් දැනටමත් ඉල්ලීම් කර ඇත.

පළාත් පාලන මැතිවරණය මුලින් පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කළ ද මූල්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීම මැතිවරණ කොමිසම විසින්  අත්හිටවනු ලැබීය.

මේ අතර පළාත් පාලන මැතිවරණය ඉතා කඩිනමින් පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව එම මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බවද ඔහු කීවේය.

පළාත් පාලන ආයතන 340 ක් සඳහා අපේක්ෂකයන් 8,711ක්  තෝරා ගැනීම වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයට  පසුගිය වසරේ  අප්‍රේල් මාසයේදී නාමයෝජනා කැඳවනු ලැබූ අතර, ඒ සඳහා අපේක්ෂකයෝ 80,672 දෙනෙක්  ඉදිරිපත්ව  සිටියහ.

මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා මෙම පිරිස ඉදිරිපත් වී සිටිති.

පළාත් පාලන මැතිවරණ සඳහා නාම යෝජනා බාර දුන් පිරිස අතර රාජ්‍ය සේවකයෝ තුන්දහසක පමණ පිරිසක් ද සිටිති.

නාම යෝජනා දුන් මෙම පිරිසෙන් අටදහසක පමණ පිරිසක් විදේශගත වී හෝ මියගොස් හෝ සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

මේ අතර අපේක්ෂකයන් දෙදහසකට වැඩි පිරිසක් පසුගිය කාල සීමාවේදී  පක්ෂ මාරු  කර ඇතැයිද අමාත්‍යාංශයට තොරතුරු අනාවරණයවීඇත.

ඇල්පිටිය හැර සියලු පළාත් පාලන ආයතන දැනට පවතින්නේ කොමසාරිස් පාලනය යටතේය.



අදහස් (0)

පුංචි ඡන්දෙ ගැන අවසන් තීරණය ලබන සතියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site