
(මනෝ ප්‍රිය ගුණසේකර)
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පාමින් කැබිනට් මණ්ඩලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් කැබිනට් මණ්ඩලයේ සාමුහික විශ්වාසය කඩ කර ඇති බව මාලිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අණාවරණය විය.
ඒ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදා හැරීම සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කැඳ වූ අවස්ථාවේ නියෝජ්‍ය සොලිසිටර් ලක්මිණි ගිරිහාගම පසුගිය නඩු වාරයේ අධිකරණ ලබාදුන් අවසරය අනුව ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවට අවසර දීම සම්බන්ධව එවකට කැබිනට් අමාත්‍යවරු ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවාවන්ද, බන්දුල ගුණවර්ධන, විජයදාස රාජපක්ෂ, හරීන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, විදුර වික්‍රනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, රොෂාන් රණසිංහ, නලින් ප්‍රනාන්දු, ජගත් පුශ්පකුමාර යන හිටපු අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බව අධිකරණයට දැනුම් දුන්නේය.
එමෙන්ම අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සිය ප්‍රකාශය ලබා දෙමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීමේදී එහි ඇතුලත් කරුණු තහවුරු කරන ලේඛණ ඉදිරිපත් කිරීම අමාත්‍යංශ ලේකම්වරයාගේ වගකීමක් බවත් අදාල කැබිනට් පත්‍රිකාව පිළිබඳ විශය භාර අමාත්‍යවරයා සෑහීමකට පත්වනවා නම් පමණක් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු බවට පවසා සිටි බව ද ඇය අධිකරණයට කරුණු අවධාරණය කළා.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය වැඩිදුරටත් පවසා සිටියේ, ප්‍රකාශ ලබාගත් හිටපු අමාත්‍යවරුන් ප්‍රශ්නගත කැබිනට් පත්‍රිකාවේ හදිසි ඖෂධ මිලදී ගැනීමට අවසර ලබා නොදුන් හොත් සතියක් තුළ මෙරට සෞඛ්‍ය තත්ත්වය කඩා වැටිය හැකි බව සඳහන්ව තිබූ හෙයින් ඊට අවසර ලබා දුන් බවට පොදුවේ ප්‍රකාශ කල බව ද පවසා සිටියා.
එම කැබිනට් පත්‍රිකාව තුළ අවශ්‍ය ඖෂධ මොනවාද කියා පැහැදිලිව සටහන් නොතිබුණ ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා කෙරෙහි විශ්වාසය තබමින් කැබිනට් මණ්ඩලය ඊට අවසර ලබා දුන් බව ද හිටපු කැබිනට් අමාත්‍යවරුන් ප්‍රකාශ ලබා දෙමින් පැවසූ බව ද ඇය කියා සිටියා.
නිමල් සිරිපාල ද සිල්වා මහතා ලබා දුන් ප්‍රකාශය මඟින් ව්‍යාජ ඖෂධ හිඟයක් මවා පා කැබිනට් පත්‍රය ඉදිරිපත් කර තිබෙන බවට නොදැන සිටි බවත් එසේ දැනුවත්කමක් තිබුණේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අවසරය ලබා නොදෙන බවත් පවසා ඇති බව ද ඇය කියා සිටියා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොත්ත බබාලා...
මරු බඩු ටික. ඇත්තම කියලා....
බබාලා හිටියේ ඉස්සර කැබිනට් එකේ. අනේ මගෙ කට... මේ ඔක්කෝම අපායේ යන්න ඕනේ. රටේ මිනිස්සු මැරිලා ඇස් අන්ධ වෙලා අදටත් කර කියා ගන්න නැතුව ඉන්නේ. තොලට හෙන ගහලත් මදි. මේ ජනතා ආන්ඩුවෙන් අපි ඛලන් ඉන්නේ මේ තක්කඩියන්ට දඬුවම් දෙනකන්.
රනිල් කෑවා.. මේ අය හරක් වගේ අත ඉස්සුවා. ඕක තමයි සරලම කාරණය.
ජනතාවට විමුක්තිය... හොරුන්ට විනාශය. ජනතාවනි, එක්වෙයව්, මිනීමරු හොරුන් ඔරිස්සාවට පන්නා දමව්..
මොහුට මරණ දඬුවම දියව්... මොවුන්ට හෙණ හතම වැදියව්.
මොහුගේ පින්තූරවත් දාන්න එපා...
ඕකෙ හිටපු හැම කෙනාම කලේ ඔය ජාතියේ හොරකම් තමයි. නොමග යවන්න තොත්ත බබාලා...!
ලෙඩ්ඩු ගොඩක් සල්ලිවලට මරපු නරුමයින් නිදැල්ලේ.. මේ රටේ නීතිය කෝ?
වැල් බයිලා ගගහා ඉන්නේ නැතුව දාන්නකෝ හිරේ. එළිපිටම ලොකු අපරාධයක්නේ කරලා තියෙන්නේ…
වැරැදිකරුවන්ට දඬුවම් ලබාදීමේ යාන්ත්‍රණය වේගවත් කරන්න සුදුසු කාලයයි මේ.
එතකොට කෙහෙළිය, දුවට ඇත්ත කියලාද?
කෙහෙළිය මරණය පෙනි පෙනී... ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ඉක්මණින් ලැබෙයි...
රෝගීන්ගේ මරණ වලට කෙහෙළිය වගකියන්න ඕනේ..., ඔහුට අනිවාර්ය මරණ දණ්ඩනය දෙන්න ඕනේ..!
කෙහෙළියගේ ඇඟේ ගහලා ශේප්වෙන හැටි. නීතිපති මොවුන්ට කිසිම බුරුලක් නොදිය යුතුයි. කැබිනට් ඇමැතිවරුන්ට ඇත්තේ භාරදූර වගකීමක්. කෙහෙළිය ඉදිරිපත් කළ පත්‍රිකාව ඔහු දුන් පමණින් අනුමත නොකරයි. එහි නිරවද්‍යතාවය තවදුරටත් පරීක්ෂා කර තහවුරු කරගත යුතුව තිබුණි. කෙහෙළියගේ ඇඟේ ගසා කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීමෙන් බේරීමට නොහැකියි...
ඒකට එක්වී එකට කාබී එකට සැතපීලා… කොහොමද නිදිමතයා පාවාදෙන පාවාදිල්ල… ඒක තමයි ප්‍රබලම සාක්ෂිය…!
සුබ අනාගතයක් හදන්න ආපු වලවුකාර උත්තමයෝ...
හිටපු අලිබබා සහ හොරු හතළිහම පට්ට හොර දූෂිතයින්.. ඔය හැම එකෙකුටම නීතීයෙන් බැරි වුණත් ස්වභාව ධර්මයෙන් හෝ අනිවාර්යයෙන්ම දණ්ඩුවම් ලැබේවා...!
කැබිනෙට්ටුවේ උන්නෙත් පට්ට හොරු. දූශිතයෝ. ඔවුන්ව ආයේ අමුතුවෙන් කියලා නොමග යවන්න දෙයක් නැහැ.
මම කියන්නේ කෙහෙළිය වගේම මේකට උදව් කරපු, පාර්ලිමේන්තුවේ පක්ෂව ඡන්දය දීපු හැමකෙනාවම හිරේ දාන්න ඕනේ. කෙහෙළියට මහජනතාව ඉදිරියේ මරණ දඬුවම දෙන්න ඕනේ. මම දන්න තරුණ අම්මා කෙනෙක් අන්ධ වෙලා තියෙන්නේ. මේවා මරණ දඬුවම දිලත් මදි, හමගහන්න ඕනේ පණ පටින්....
කෙහෙළිය එක්ක මේ ටිකත් එල්ලලා මරන්න ඕනේ අම්මපා...
කැබිනෙට්ටුවම එක රොත්තට හිරේ දාන්න පුළුවන් දුර්ලභ අවස්ථාවක් මේක. එහෙම වුණා නම් පළාත් පාලන මැතිවරණ සියයට සියයක්ම මාළිමාවට…
ඔන්න පලපුරුදු අය කරන හැටි. ඒ මදිවාට කෙහෙලියට මේ ප්‍රශ්ණය සම්බන්ධයෙන් ගෙන ආ විශ්වාස භංගයට විරුද්ධවෙලා අත ඉස්සුවේ කෙහෙලිය ඇමැතිවරයා තවදුරටත් විශ්වාසකරන නිසාද? වරද දැන දැනම ඔහුව බේරාගන්න විශ්වාස භංග යෝජනාවට විරුද්ධ වුණු බව තහවුරු වෙනවා...
ඔය කැබිනට්ටුවේ පලතුරු සීයාත් හිටියා නේද? තාම ගෙන්නුවේ නැත්තේ ඇයි? අනිත් අය දන්නේ නැති වුණාට එයා නම් ඔක්කෝම දැනගෙන ඉන්න ඇති..
කෙහෙලිය මුළු කැබිනට්ටුවම රැවැට්ටුවා. මුළු කැබිනට්ටුවම රටම රැවැට්ටුවා. අපි අවුරුදු 76 ක්ම මුන්ට රැවටුණා. මාර වැඩේ ලංකාවට වුනේ.
ඒකට හරියන්න අළුත් සෞඛ්‍ය කැබිනට් ඇමැති නලින්ද හදිසි මිලදී ගැනීම් කරන්න ෆාමසි ඩීලර්ලා එක්ක රෑට රෑට ශ්‍රැන්ග්‍රිලා එකෙයි සිනමන් ලේක් එකෙයි හම්බෙලා බ්ලැක් ලේබල් බොන ගමන් ඩීල් කතා කරනවා. ඒ ගැන කව්රුත් හාවක්, හූවක් නෑ නේද?
මේ වගේ නරුමයෙක්ගේ පින්තූරයක්වත් දාන්න එපා.
රනිල් යවන්න කීවේ මේ වගේ පලපුරුදු අය තමයි. ලෝක නීති විශේෂඥයෝත් ඒකට අත්සන් කරලා...
අහිංසක රෝගීන්ගේ බෙහෙත් වලිනුත් ගසා කන එක මොනතරම් පහත වැඩක්ද? මොවුන් සල්ලි නැති මිනිස්සුද? ජීවිත සිය ගණනක් නැති වෙන්න ඇති, මැරුණේ කුමක් නිසාද කියලා රෝගීන් බොහෝ දෙනෙක් දන්නේ නැතුව ඇති... ගරු අධිකරණයෙන් අනෙක් හොරුන්ටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක උපරිම දඬුවමක් ලැබේවි...
ඔක්කොම එකතුවෙලා හොර වැඩ කරමින් අල්ලස්, මුදල් බෙදාගත්තාට පසුව, දැන් සමහර හොරු සුදනෝ වෙන්න හදනවා. කැබිනෙට්ටුවේ සාමූහික වගකීමේ ප්‍රතිඵලයට අනුව, ඔක්කොටොම නඩු පවරන්න ඕනේ.