(සමන් පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල සීලතැන්න ප්‍රදේශයේ දී අවදානම් ලෙස පැවති ගසක් කපා ඉවත් කිරීමට ගිය පුද්ගලයෙකු එම ගස අධිබලැති විදුලි රැහැන්වල පැටලීමෙන් විදුලිසැරවැදී එම ස්ථානයේදීම අද (30) සවස ජීවිතක්ෂයට පත්වී ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සීලතැන්න පදිංචිව සිටි ලලිත් පද්මසිරි නමැති හැට හැවිරිදි එක්දරු පියකු බවද පොලිසිය කියයි.
චේන්සෝ යන්ත්‍රයක් ආධාරයෙන් ගසක් මුලින් කපමින් සිටියදී ගසේ අත්තක් අධිබලැති විදුලිරැහැනක වැදීමෙන් පසු මොහුට විදුලිසර වැදී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇති බවද පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර හල්දුම්මුල්ල දිසාරෝහලේ තැන්පත් කර තිබේ.
හල්දුම්මුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd