
කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණික තත්වය හේතුවෙන් අද (30) දිනය තුල වායු ගුණ තත්ත්ව දර්ශකය 92 - 120ත් අතර අගයක් පැවැතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වායු ගුණ තත්ත්ව වාර්තාව අනුව බොහෝ නාගරික ප්‍රදේශවල වායුව සුළු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා ඉහළ යා හැකිය.
මෙම තත්ත්වය හේතුවෙන් ස්වසන අපහසුතා ඇති විය හැකි බවත් එවැනි අපහසුතා ඇති වුවහොත් වෛද්‍ය උපදෙස් සඳහා යොමුවන ලෙස එම සංවිධානය සඳහන් කරයි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ඒ ආයතන වල විෂය පත් ගැන විද්‍යාත්මක ව බෙදීමක් කළයුතුයි. ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ගොඩනැගිලි ගැන පර්යේෂණ ගැන කරන්න. උදාහරණයක් ලෙස පරණ ගොඩනැගිලි කඩා විසිකරන දේවල් නැවත ඉදකිරීම් අමුද්‍රව්‍ය වන වැලි වැනි දෑ හැටියට භාවිතා කරන වියදම් අවම ක්‍රමයක් ඉදිරිපත්කරන්න. එතකොට පරිසරයට විශාල සේවයක් වෙනවා. වායු දූෂණය වායුව ගැන කටයුතු කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට බාර දෙන්න. වායු දූෂක ව්‍යාප්තිය සහ විසරණය කාලගුණ හේතු මතයි සිදුවන්නේ. අවධානය දිනාගන්න ප්‍රකාශ නිකුත් කරන එක තේරුමක් නැහැ. මේ අවස්ථාවේදී ලංකාව වැනි රටක වායු දූෂණ ගැන දඟලනවා නම්, ඉන්දියාව කොහොම දඟලන්න ඕනෑද?