IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්

(අමදෝරු අමරජීව)

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු  ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

මේ අතර එම දිස්ත්‍රික්කයේම තවත් ප්‍රාදේශීය රෝහල් හයක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ජල ගැලීම්වලින් බලපෑම් ලක්ව ඇතැයි පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ජී.එම්. කොස්තා මහතා පැවසීය .

ජල ගැලීමට ලක් වූ කවටමුනෙයි හා කාන්කේයන් ඔඩෙයි යන ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙක හා චෙට්ටි පාලයන් යන ප්‍රාදේශීය රෝහල වසා දැමුණු අතර චෙට්ටි පලයන් ප්‍රාදේශීය රෝහලේ නේවාසික රෝගීන් වෙනත් රෝහලකට මාරු කර යැවූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීහ .

මේ අතර ගංවතුරට බලපෑමට ලක් වූ මණ්ඩුර්, ඕලුගාමම්, මහිලඩිතිව්, මණ්ඩපතඩි, නාවක්කාඩු, පාලමින් මඩු යන ප්‍රාදේශීය රෝහල් හා මහිලූර් යන ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය බාධා මධ්‍යයේ පවත්වාගෙන යන බවද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා කීහ .

ජලගැලීම්වලින් හානියට පත් රෝහල්වල හානි තක්සේරු වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දුන් බවද පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් කීහ.



අදහස් (0)

නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site