(යොහාන් භාසුර)
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින් අඩු කළ බවත් එම පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 309 ක් බවත් ලංකා කනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
මෙම මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව එම සංස්ථාව පැවසීය.
ලංකා සුදු ඩිසල් ලීටරයක මිල රුපියල් 3 කින් ඉහළ දැමූ බවත් ඩීසල් ලීටරයක නව මිල රුපියල් 286 ක් ද, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5කින් ඉහළ දැමූ බවත් භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 188 ක් ද, වන බවත් එම සංස්ථාව සඳහන් කළේය.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 371 ක සහ සුපිරි ඩීසල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 313 ක පවතින බවත් එම සංස්ථාව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියනකොට එහෙමයි... කරනකොට මෙහෙමයි... ජයවේවා...!
තෙල්වලට බදු ගහලාද, බදු වලට තෙල් ගහලාද කියලා අහන්න එකෙක් නෑනේ. තුනෙන් දෙකකුත් දීලා තෙල් මිල අඩු වෙනකන් බලන් හිටපු හැට අට ලක්ශයක ගොන් හැත්තට අපගේ ගෞරවනීය ප්‍රණාමය...!
හෝදපල්ලා හෝදපල්ලා, දැන් ඇවිත් කියපල්ලා බජට් එක ගේනකන් අඩු කරන්න බෑ කියලා. ඊට පස්සේ පුංචි ඡන්දෙත් දිනලා ඉවර වෙලාම වැඩි කරපල්ලා. අවුරුදු 5ම ඔච්චර තමයි.
හිටපු ඇමැති කාංචන ඉස්සර ලීටරයකින් ගන්නවා කීව රු 160ක කොමිස් එක දැන් කාගේ ගිණුමටද දන්නෑ දැන් යන්නේ...?
මහ මෙරක් තටමා හූණු බිජ්ජක් වදා ඇත.
මෙවැනි දැවැන්ත සහනයක් ලබාදුන් සහෝදරවරුන්ට මගේ හදපිරි මෙව්වා එක...