
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
පූනෑව නාවික හමුදා කඳවුරේ රාජකාරී කළ ලුතිතන් කමාන්ඩවරයකු ඊයේ (29) රාත්‍රීයේ කඳවුර අසලදී වන අලි ප්‍රහාරයකින් මියගොස් අැතැයි පූනෑව පොලිසිය කියයි.
රාජකාරී කටයුත්තක් සදහා කොළඹට පිටවගොස් බස්රථයකින් නැවත කඳවුරට පැමිණ අැති නිලධාරියා බස්රථයෙන් බැස කඳවුර වෙත ගමන්කරන අවස්ථාවේ වන අලි ප්‍රහාරයට ලක්ව අැතැයි පොලිසිය පැවසීය.
එලෙස මියගොස් අැත්තේ කුරුණැගල, නිට්ටඹුව පදිංචි නාවික නිලධාරී ලුතිතන් කමාන්ඩර් ජේ.එ‍්.එම්.සි ජයකොඩි නැමති පූනෑව නාවික හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ නිලධාරිවරයෙකි.
මියගිය ලුතිතන් කමාන්ඩර්වරයා හට වන අලියා පහරදීමත් සමඟ බරපතල තුවාල ලබා ඇති අතර නාවික සෙබලුන් හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව නිලධාරියා රෝහල වෙත රැගෙන යනු ලැබීය.
බරපතළ තුවාල ලැබූ නිලධාරීවරයා වවුනියාව මහ රෝහල වෙත අැතුලත් කිරීමේදි මියගොස් අැති බව පොලිසිය සඳහන් කළේය.
මියගිය නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය වවුනියාව මහ රෝහලේ සිදු කිරීමට නියමිතව තිබුණි.
පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මරණයට වගකිව යුත්තේ කවුද...?
ත්‍රිවිධ හමුදා නිලධාරීන් වුව්නියා වගේ රෝහල්වලට ගෙන යෑමේදී ගැටළු ඇති නොවේ යැයි නොසිතිය යුතුයි. දකුණේ සිටිදී පවා අන් අයගේ ක්‍රියා ගැන කවුරුත් හොඳින් දනිති. පෝරුවට සුදුහුණු ගෑමෙන් ඵලක් නැත. ඔවුන් වෙනස් කළ නොහැක...
නිවන්සුව ලැබේවා විරුවාණෙනි...!
මේ මගේ පාසල් මිතුරෙක්. අහිංසක තැන්පත් නිමුණු චරිතයක්. මෙවැනි වටිනා ජීවිත නැති වී යාම මහත් දුකකි. පන්ති කාමරය තුළ ඔහු පෙන්වූ විනය, මිත්‍රකම, ඉවසීම, අන් අයට උදව් කිරීමේ ගුණය සිහිවනවිට දෙනෙත් බොඳවී යයි.
ඇයි දෙවියනේ... මෙවන් නිලධාරියෙකුට වාහන පහසුකමක් දුන්නේ නැත්තේ..?