(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මහරගම පමුණුව හන්දිය හරහා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි ජීප් රථයක් මෝටර් රථ දෙකක ත්‍රී රෝද රථයක හා යතුරු පැදියක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයේ නිරත කළමනාකරන සහකාරවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මහරගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පිළියන්දල හපුආරච්චිගේ දොන් සුපුන් සුලෝචන අකලංක නමැති (30) විවාහකයෙකු බව පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර නව රෝහල දෙස සිට සිය යතුරු පැදියෙන් පමුණුව දෙසට එමින් සිටියදී පමුණුව දෙස සිට නව රෝහල දෙසට ධාවනය වූ මෙම සුඛෝපභෝගී ජීප් රථය වේගය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිණෙන මෝටර් රථ දෙකක ත්‍රී රෝද රථයක හා යතුරුපැදියකක ගැටී අනතුරක් සිදුව තිබෙ.
අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පැදිකරු ජීප් රථයට යටවී සිදුවූ අනතුරින් බරපතල තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් තිබේ
මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සුඛෝපභෝගී වාහන ලංකාවේ මිනිසුන්ට හරියන්නේ නැහැ මෙයට අවුරුදු එකහමාරකට පමණ පෙරත් කිරිඇල්ලේ පොලිසිය ඉදිරිපිටදී ඔය වයසේම වටුණා.. ජීවිත දෙකක් රටට අහිමිවුණා ඊයේ, පෙරේදා සහෝදරයෝ දෙදෙනෙක් මියගියේ වෙන කිසිවෙකුටත් අනතුරක් නොකර වුනත් සුඛෝපභෝගී වාහනයක් නිසා නේද? ඉන් පෙර ප්‍රසිද්ධ මැණික් වෙළෙන්දෙක්ගේ දරුවෙක් අධිවේගයෙන් ගිහිල්ලා මැරුණෙත් එවැනිම වාහනයකින් ගිහිල්ලා තමයි. මින් ඉදිරියේදීවත් මෙවැනි වාහන ගෙන්වීම නොකර රටට ඔරොත්තු දෙන වාහන පමණක් ගෙන්වීමට අවසර දෙනවා නම් හොඳයි...!