IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ

ජපානයේ පමණක් නොව, දකුණු කොරියාවේ ද දුම්රිය ධාවනය නියමිත වේලාවට සිදුවෙයි. එසේ වුවත්  පසුගිය දා දකුණු කොරියාවේ සෝල් අගනුවර, දුම්රිය නියාමකවරයකුට හදිසියේ වැසිකිලි යෑමට සිදුවූ බැවින්, දුම්රිය 125 ක් ප්‍රමාද වූ බව වාර්තා වේ.

නියාමකවරයාට වැසිකිළි යෑමට සිදුවී ඇත්තේ දුම්රිය අතර මඟ නැවැතුම්පොළක නැවැත් වූ විටය. ඔහු වහා දුම්රිය නැවැතුම්පොළේ වැසිකිළියට දිව ගොස් ඇත. වැසිකිළියේ කටයුතු අවසන් කර ආපසු ඒමට ඔහුට මිනිත්තු 4 ක් සහ තත්ත්පර 16 ක් ගත වූ බව පැවැසෙයි.

සෝල් අගනුවර දුම්රිය ධාවනය මිනිත්තු කීපයකට වරක් නියමිත වේලාවට, එක පෙළට සිදුවෙයි. නියාමකවරයාගේ ප්‍රමාදය මෙන්ම ඔහුගේ දුම්රිය නවතා තිබීමේ ප්‍රමාදය හේතුවෙන්, පිටුපසින් එම දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු සෙසු දුම්රිය 125 ට බලපෑම් එල්ල විය. ඒවා එක පෙළට නවත්වා තැබුණි. මගීහු ද දැඩි ලෙස අපහසුතාවට පත්වූහ.

අවසානයේ වැසිකිළි යෑමට සිදුවුණු නියාමකවරයාගේ දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු 20 ක ප්‍රමාදයක් සහිතව ධාවනය වූ බව ද පැවැසෙයි.



අදහස් (10)

නියාමක වැසිකිලි දුවලා; දුම්රිය 125 ක් පෝළිමේ

Bunny Preena Saturday, 30 November 2024 09:10 AM

ස්වභාවිකව මිනිසාට ඇතිවන සාමාන්‍ය දෙයක්... නමුත් භාරදූර රැකියාවක නිරත වෙලා ඉන්නකොට වුණු දෙයක් නිසා එය සමාජයට සහ ජනතාවට සෑහෙන තදින් බලපාලා... විනාඩි 4ක් කියන්නේ කරදරයක් නැතිව හොඳට වැඩේ කරලා තියෙනවා.

:       0       4

primeshika Saturday, 30 November 2024 09:30 AM

නිදහසේ වැසිකිලිවත් යන්න බැරි දියුණුවෙන් වැඩක් තියෙනවාද?

:       5       20

වික්‍රමවිදුර Saturday, 30 November 2024 09:49 AM

ලංකාවේ ප්‍රමාද නැත්තේ ඒකනේ.. හරියට තත්පරේට වැඩ.. නියාමකගේ පුටුවේ බොත්තම ඔබපු ගමන් යටින් හිල එනවා... කක්කා කරාම ඉබේම හේදිලා දොර වැහෙනවා.. ඔච්චර තාක්ෂණයක් තියන ජාපනෙටත් බැහැ ඒවා...!

:       1       17

SK Saturday, 30 November 2024 10:11 AM

අපේ නම් පැය ගාණක් ප්‍රමාදයි...

:       0       6

Rasi Saturday, 30 November 2024 11:30 AM

ඕක මොකක්ද, ලංකාවේ බැහැලා ගිහිල්ලා කෑමත් අරන් එනවා. අනික ලංකාවේ කොච්චි වෙලාවට දුවනවා කියලා එකක් නැහැ. ඔවුන්ට ඕන වෙලාවට දුවනවා... උඹලාට ඕනෑනම් නැගලා පලයල්ලා කියලා තමයි කියන්නේ...!

:       2       31

Ronana Saturday, 30 November 2024 05:26 PM

බරහැදෙන එකට තැනක් වෙලාවක් නෑ. හරියටම තත්පරේට වෙලාවට වැඩකරන රටවල වෙලාවට කරන්න බැරි එකම වැඩේ මේකයි. ඒත් ඒකත් වෙලාවට කරන හැටි ගැන පර්යේෂණ එහෙම කරනවාද දන්නේ නෑ.

:       1       3

රුවන් Saturday, 30 November 2024 05:50 PM

මගේ අත්දැකීමට අනුව ඉතියෝපියාවේ දුම්රිය වුණත් වෙලාවට වැඩ. අප්‍රිකාවේ එහෙම නම් ලංකාව කියන්නේ හෙනම දුර්වල රටක්...

:       0       4

de silva Sunday, 01 December 2024 11:06 AM

වැසිකිළි ගියත් නොගියත් අපේ නම් හැමදාම ප්‍රමාද නිසා ඕවා එච්චර ගණන් ගන්නේ නැහැ...!

:       1       1

de silva Sunday, 01 December 2024 11:12 AM

අපේ නියාමකයෝ වැසිකිලි ගිහින් හොඳට නාලා හීන් අඩියකුත් ගහලා කෑමත් කාලා එනකම් කෝච්චිය ඉස්ටේසමේ තිබුණත් ප්‍රශ්නයක් නැහැ. පස්සෙන් එන කෝච්චිත් ප්‍රමාද නිසා විශාල ප්‍රශ්නයක් නැහැ. අපේ කෝච්චි එන්ජින් සමහරක් වෙලාවට නියම්කයෝ නැතුවත් ධාවනය වෙන අවස්ථා තිබෙනවා.

:       0       3

R.T.Sarath Sunday, 01 December 2024 11:15 AM

අපේ දුම්රිය දෙපාර්තමේන්තුව රෙද්දේ රෙවිලා තිබෙද්දීත් නියාමකයෝ සහ ස්ටේෂන් මාස්ටර්ලා වැඩ වර්ජනය කරනවා..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site