(සුජිත් හේවාජුලිගේ )
සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක මුල් පුටු ගණනාවක් ඉදිරියේදී වෙනස් කිරීමට සාකච්ඡා ආරම්භ වී ඇතැයි වාර්තාවේ.
ඉදිරි මැතිවරණවලට මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු හෙයින් විපක්ෂයේ සියලුම පක්ෂවල ප්‍රතිසංවිධානයක් කළ යුතු බවට දැනටමත් යෝජනා ඉදිරිපත්ව ඇත. මෙම තනතුරු වෙනස්කම් සිදුවන්නේ එම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ යැයි දැනගන්නට ඇත.
මේ අතර විපක්ෂයේ දේශපාලන පක්ෂවල අඩුපාඩුකම් පිළිබඳව සමාලෝචනය කිරීම සඳහා විශේෂ කමිටු පත්කිරීමටද ඒ ඒ පක්ෂ නායකයෝ අදහස් කරගෙන සිටිති.
පක්ෂයේ කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමටද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රකාශකයෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ සමග ජන බලවේගයේ නායකයෙකු පැවසුවේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු ඉතා ඉක්මනින්ම අරඹන බවයි.
ඉදිරි මැතිවරණ වලදී ශක්තිමත්ව මුහුණ දීම සඳහා පක්ෂ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බවද ඔහු කීවේය.
මේ අතර පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතුවලදී තරුණයින්ට වැඩි අවස්ථාව ලබාදීමටද පක්ෂ නායකයන් තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණයින්ට වැඩි අවස්ථාවක් විතරක් නෙමෙයි, අද-ඊයේ ඉපදිච්චි අයව දාලාවත් ගොඩගන්න බෑ. පරණ තක්කඩි එහෙම්මම ඉන්න තාක්කල්.
සමගි ජන බලවේගයේ අසමගිකම් නැති කරලා, ජාතික ලැයිස්තුවේ හතර දෙනාව පත් කරලා වැඩ පටන් ගත්තොත් හොඳ නැද්ද?
සේදිරිස් වගේ ගවයින් හිටපු හින්ද තමයි, මේ රටට මෙච්චරටම කෙළවුණේ. දේශපාලුවන් සහ ඇතැම් රාජ්‍ය නිලධාරීන් රටට කරපු හානියට වඩා හානියක්, විපතක් මෙවැනි අය රටට කළා...!
ලාංකීය සමාජය බොරුවලට හොඳටම රැවටෙන පිරිසක්. එබැවින් ඉදිරි පෙලට ගතයුත්තේ බොරුවවට පිළිතුරු දිය හැකි පිරිසක් නැති නම් තරගෙට බොරු කීමට දක්ෂ පිරිසක්...
සෙදිරිස් උන්නැහේ කොමා තත්වයෙන් අවදිවෙලාද?
තරුණයින්ට උස නම් සිකුරිටි මිටිනම් කම්කරු.. මේ පාර උස නම් කම්කරු මිටි නම් සිකුරිටි වෙයි... ඕක තමයි වෙනස් වෙන්නේ.. නාකි ලොක්කන්ගේ පුටු ඔවුන්ගේ විනාශ කාර දරුවන්ගේ පුටු හැමදාම රජපුටු.. පුළුවන්නම් රජ පුටුව තරුණයෙකුට දීපල්ලකෝ බලන්න...
දැන් ගොඩක් පැහැදිලියි. විපක්ෂයේ අරමුණ නැවත රට හදන්න තමයි.