
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකුගෙන් රුපියල් 270.000/= ක අල්ලස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
මීගමුව දළුපොත සිර කඳවුර පාර පදිංචි පුද්ගලයකුට අයත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකු විසින් කුලී පදනම මත ලබාගෙන අස්ථානගත කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විශේෂ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලකට අනුව සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සැකකරුවන් සහ එම මෝටර් රථය අත්අඩංගුවට ගෙන මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
එම කාර් රථය අධිකරණයෙන් මුදා ගැනීමට පැමිණිල්ලිකරුගෙන් මෙම සැකකාර නිලධාරියා විසින් රුපියල් 270.000/= ක් වටිනා වායු සමීකරණ යන්ත්‍රයක් ඉල්ලා ඇති අතර එම යන්ත්‍රයට අදාළ මුදල් පෞද්ගලික බැංකු ගිණුමක තැන්පත් කර ඊට අදාළ රිසිට් පතර මීගමුව විශේෂ අපරාධ විමර්ශන අංශයේදී සැකකාර නිලධාරියා වෙත ලබාදීමේදී එහි රැක සිටි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අය කවදා හැදෙයිද දන්නේ නෑ. මේවා නවත්වන්නට තියෙන හොඳම ක්‍රමය තමයි මොවුන්ගේ ගැහැණු සහ දරුවන්ව ප්‍රසිද්ධියේ සමච්චලයට සහ ලැජ්ජාවට පත්කරන එක... ලැජ්ජාවක්, ආත්ම ගරුත්වයක් තියෙනවා නම් මේවා නවතීවි. හේතුව අල්ලස් ගන්න බලකරන සමහර බිරින්දෑවරු සහ දරුවන්ද සිටින බව අප මතක තබාගත යුතුයි.
මීගමුව ඉස්පිරිතාලේ ඉන්න පොලිසියේ කෙනත් මිනියක් නිදහස් කරන්න එයාට කන්න දෙන්න ඕනේ... සක්කිලි වැඩ තමයි කරන්නේ.