
(හේමපාල ලියනගේ)
රජයට විරුද්ධව මහජන විරෝධතාවය ඇතිවන ආකාරයට උතුරේ ද්‍රවිඩ ඊලාම් විරුසැමරුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදිවු අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ තරුණයකු 03 අඟහරුවාදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස බද්දේගම වැඩබලන මහේස්ත්‍රාත් ශ්‍රියා දිසානායක යසරත්න මහත්මිය අද (30) නියෝග කළාය.
මෙසේ බන්ධනාගාරාගත වූයේ බද්දේගම පදිංචි අවුරුදු 28 ක තරුණයෙකි.
සැකකරු අපරාධ විමර්ශන දෙපාරතුමේන්තුවේ පරිගණක අපරාද විමර්ශන අංශය (දකුණු පළාත්) විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
නීතීඥ ලසන්ත විජේනායක , නීතීඥ නුවන් සෙනවිරත්න , නීතිඥ ලීලානන්ද ඩයස් යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිබත්, කේක් කපලා, පටි දාලා, දෙයියෝ කියලා කියපු අයත් රිමාන්ඩ් කරාද?
කොහොම සල්ලියක් එවන්න ඇතිද ඩයස්පෝරාව කියලා තේරුම් ගන්න ඕකම ඇතිනේ... අපි දැක්කා අඬ අඬ ලක්ශ ගානක් උන් කොටි කොඩි දාගෙන, නියඟලා මල පෙන්නාගෙන සමරනවා. තමන්ගේ මැරිච්චි උන් සමරන්න කාටත් අයිතියක් තියෙනවා. ඒ වුණාට ඒක සමරන්න ඕන මහ කොටියාගේ උපන්දිනේ දවසේ නෙමේ. කහ, රතු කොඩි දාගෙන නෙමේ. නියඟලා මල පෙන්නගෙන නෙමේ. මාලිමාවට දුන්නු අයට නම් සෑහෙන සතුටු ඇති....
උගන්ඩා දේවිවත් ඇතුළට ගන්න. තව පෝලිමක් ඉන්නවා එහෙනම්...
ඒ කාලෙ රනිල්ලාට ගැහුව මඩවල හැටියට හිරේ දැම්මා නන් ලන්කාවේ තරුණ දරුවන්ගෙන් භාගයක් හිරේ.
රට ගිනි තියන මෙවැනි කාලකන්නින්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි.
ඒක හොඳයි.... ඉස්සර ආණ්ඩුව වගේමයි යන ගමන. වැරැද්ද පෙන්නන කෙනා ඇතුලේ. ඒ වැරැද්ද කරන අය එළියේ. නියම වැඩේ කියන්නේ විපක්ෂේ ඉන්නකොට ඒවා වැරැදි කියන එවුන් ආණ්ඩු බලේ ගත්තාම හරි කියනවා. වීඩියෝ එක පරණ එකක් වෙන්න ඇති ඒත් තවත් විසාලෙට සැමරුම් කරනවා දැක්කේ නැත්ද? ඒවාට විරුද්ධව කවුරුත් කතා කරන්නේ නැත්ද ආණ්ඩුව පැත්තෙන්?
ලොන්ඩරි ජෙබයියන්ට සතුටු ඇති නේද?