
(මහින්ද නිශ්ශංක)
සහල් හිගයට කඩිනම් විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට ආනයනකරුවන්ටත් අවස්ථාව දෙන්නේ නම් දින 10 ත් 15 අතර කාලයකින් සහල් ආනයනය කර ජනතාවට බෙදා හැරීමට හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයකරුවෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිති.
සහල් ආනයනය කිරීමේදී කිලෝවක් සදහා පනවා ඇති රුපියල් 65 ක් බද්ද රුපියල් 40 දක්වා අඩු කරන ලෙසත් ඉල්ලා සිටින ඔවුන් ආනයන බද්ද රුපියල් 40 දක්වා අඩු කරන්නේ නම් සහල් ගෙන්වා කිලෝවක් රුපියල් 180 ත් 185 අතර මිලකට ජනතාවට ලබාදීමට හැකි බවත් පවසයි.
රටේ පවතින සහල් හිගය දිනෙන් දින උග්‍ර වන බවත් සදහන් කරන ආනයනකරුවන් මේ වනවිට පිටකොටුව තොග වෙළෙදපොලේ ඇත්තේ දින කිහිපයකට ප්‍රමාණවත් සහල් තොගයක් බවද සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි සහෝදරයාගේ පරම පවිත්‍ර සාක්කුවටද කොමිස් කුට්ටිය බහින්නේ?
මම හිතන්නේ නම් ජනාධිපතිවරයා සහල් ආනයනයට ඉඩ නොදේවි කියලා. හේතුව ඡන්දයට පෙර එතුමා දැඩිව ප්‍රකාශ කළා. විදේස සංචාරකයින්ට අවශ්‍ය වන විශේෂ සහල් හැර දේසීය පරිභෝජනයට සහල් ඇටයක්වත් පිටරටින් ගෙන්වීමට ඉඩ නොදෙන බව. මේ කතාව අපිට නම් හොඳට මතකයි. එතුමාට මතකද නොදනිමි...!
ඉක්මන් කොටයි. සතොස හොඳයි.
මේක නම් එක මෆියාවක් නවත්තන්න තව මාෆියාවකට ඉඩ දුන්නා වගේ. එහෙම නම් ආණ්ඩුව කළ යුත්තේ රුපියල් 25 ක බද්ද අඩු කරනවා වෙනුවට රුපියල් 20ක් දේශීය සහල් නිශ්පාදකයින්ට දෙන එක. පාරිභෝගිකයින් තියෙන ප්‍රශ්නය රුපියල් 225ට ගන්න හාල් නැති එක. එහෙම වුණාම හාල් නිශ්පාදකයෝ වෙළඳ පලට රුපියල් 220 ගෝ 225ට නිකුත් කරයි. රජය ඉතිරි රුපියල් 20 එයාලට දුන්නාම හරි.
බදු මුදල 65.00 ම තිබ්බත් 205. 00 දෙන්න පුළුවන් කියලා නේද මේකෙන් පෙනෙන්නේ..? ඒ නිසා බදු අඩු නොකර තියන එක රජයට හොඳයි. ලංකාවේ කෘෂිකර්මයටත් හොඳයි.
ඇයි ඔයාලාට ආනයනය කරන්න දෙන්නේ...? ඇයි ඔය විදිහට රජයකට කරන්න බැරිද? ඔබලා තමයි රට කෑවේ...