‘නාමයෝජනා - ඇප මුදල් හෙට බාරගන්නේ නෑ’ පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් බාරගැනීම හෝ නාමයෝජනා බාර ගැනීම හෙට (16) දිනයේ සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 March 2020
‘ මැතිවරණය කල් නොදැමීමට උපරිම උත්සාහ කරනවා ‘ රජය මැතිවරණය කල් නොදමා සිටින්නට හැකි උපරිම උත්සාහය ගන්නේ යැයි වාරියමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන හිටපු රාජ්‍ය ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා ‘ලංකාදීප’ යට අද(15) පැවැසීය. 15 March 2020
දඹාන ආදීවාසී කෞතුකාගාරයත් වහයි දඹාන ආදිවාසී ගම්මානයේ කෞතුකාගාරය තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් පැවසීය. 15 March 2020
කොරෝනා ගැන බොරු ප්‍රචාර පැතිරවූ 23 ක් ගැන විමර්ශන සමාජ මාධ්‍ය තුළ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පැතිර වූ 23 දෙනෙකු ගැන විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 15 March 2020
ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාල 11 ක කටයුතු සීමා කෙරේ විදේශයන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල 11 ක කොන්සියුලර් සේවාවන් හෙට (16) සිට සීමා කීරීමට විදේශ සබදතා අමාත්‍යාංශය පියවර ගෙන ඇත. 15 March 2020
මහමැතිවරණය කල් දමන්නැයි රජයෙන් ඉල්ලයි කොරෝනා වයිරසයෙන් රට පත්ව ඇති ව්‍යසනකාරී තත්ත්වය ජාතික ආරක්ෂාව ආදී සියලු කරුණු තේරුම්ගෙන මහමැතිවරණය කල් දමන්නැයි රජයෙන් ඉල්ලිමක් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා මහතා පැවැසීය. 15 March 2020
කොරෝනා යැයි සැක 133 ක් රෝහල් 16 ක කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 133 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 16 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි. 15 March 2020
ප්‍රංශයේ අවන්හල්-වෙළඳසැල්-සිනමාහල් වසා දමයි ප්‍රංශයේ කොරෝනා වයිරසයෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 91 දක්වා ඉහළ යාමත් සමඟ එරට ආපනශාලා, වෙළඳසැල්, සමාජශාලා සහ සිනමාශාලා වසාදැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 15 March 2020
‘දුම්රිය-බස් නැවතුම් පොළවල දෑත් සෝදන්න පහසුකම් සපයන්න උපදෙස්’ කොරෝනා වයිරසය ආරක්ෂාවීම සඳහා දෑත් පිරිසිදු කර ගැනීමට දිවයිනේ සියලු දුම්රියපොළ හා බස් නැවතුම්පළවල දෑත් සෝදා ගැනීමට මගීන්ට පහසුකම් සපයන ලෙස මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා බලධාරීන්ට අද (15) උපදෙස් දී ඇත. 15 March 2020
මහජන දින-සම්මන්ත්රණ අවලංගුයි රජයේ සියලුම කටයුතු කාර්යාල වලට පමණක් සීමා වන පරිදි සංවිධානය කිරීමටත්, මහජන දිනයන්, සාකච්ඡා, සම්මන්ත්රණ නැවත දැනුම් දෙනතුරු අවලංගු කිරීමටත් රජය අද (15) තීරණය කර තිබේ. 15 March 2020
රැඳවියකුට කොරෝනා වැළඳුනේ යැයි සැකයට බන්ධනාගාර නිලධාරීහු වැඩ වරති අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකුට කොරෝනා රෝගය වැළදී ඇතැයි සැකයට අනුරාධපුර ශීක්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගියාට බියෙන් බන්ධනාගාර නිලධාරින් සේවයට වාර්තා නොකිරිමෙන් බන්ධනාගාරයේ රාජකාරි කටයුතු වලට බාධා ඇති වී තිබෙන උසස් නිලධාරියකු අද (15) පැවසීය. 15 March 2020
පුපුරණ ද්‍රව්‍ය සමඟ පුද්ගලයකු අත්අඩංගුවට කිලිනොච්චිය, මුරුසමොටෙයි, කොරක්කන්කන්ඩිරිප්පු නිවසක් තිබූ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර කොටස් හා ටි.56 ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 15 March 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයන් 152,000 ඉක්මවයි ලොව පුරා කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව 152,000 ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 15 March 2020
බොහෝ ප්‍රදේශවලට හෙට සිට වැසි උතුරු පළාතේ හැර දිවයිනේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (16) සිට මෙම මස 18 වැනිදා තෙක් පස්වරුවේ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 March 2020
වන්දනා ගමන්-ආගමික උත්සව නවත්වන්නැයි උපදෙස් සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත. 15 March 2020
ලන්ඩන් නුවර අලුත උපන් බිලිඳෙකුටත් කොරෝනා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකදී අලුතින් උපන් බිලිඳෙකුට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු වී තිබේ. 15 March 2020
ශ්‍රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක් අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 15 March 2020
ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 93 දක්වා ඉහළට ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයන් සංඛ්‍යාව අද වනවිට 93 දක්වා ඉහළ ගොස් තිබේ. 15 March 2020
වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයට මන්ත්‍රීවරු පිරිසකගේ විරෝධය වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසයි 15 March 2020
ගාල්ල වරායෙන් රටට ඇතුළු වන සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණයට යොමු කරනවා ගාල්ල වරාය ඔස්සේ රටට ඇතුළුවන නැව් සේවකයන් සියලු දෙනාම වෛද්‍ය පරීක්ෂණයකට ලක්කරන බවත් ඔවුන් අතරින් රෝගී යම් අයකු සිටී නම් නිරෝධායන කටයුතු සඳහා යොමුකරන බවත් ගාල්ල වරාය කළමනාකරු කේ.ඒ.කේ.එන්.ඩබ්ලිව්.වීරසිංහ මහතා පැවසීය. 15 March 2020
‘කොරෝනා පාලනයට එරෙහිව පාකිස්ථානය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි’ නව කොරෝනා වයිරස් (කොවිඩ් -19) තර්ජනයට එරෙහිව පාකිස්තානය ගෙන ඇති පියවර ’කාලෝචිත’ සහ ’හොඳම ජාතික ප්‍රතිචාර වැඩසටහන’ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි. 15 March 2020
හලාවතටත් නිරෝධායන මධ්‍යස්ථානයක් කොරෝනා රෝගින් බවට සැක කෙරෙන් රෝගින් හදුනා ගැනීමට හා ප්‍රතිකාර ලබා දිමට හලාවත නගරය තුළ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට හලාවත දිස්ත්‍රික් මහ රෝලේ අධිකාරී හා හලාවත නගර සභාව අතර පැවැති සාකච්ඡාවකින් පසු තීරණය කර තිබේ. 15 March 2020
ට්‍රම්ප්ට කොරෝනා නැති බව තහවුරු වෙයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී නැති බව වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 15 March 2020
ස්පාඤ්ඤයේ අගමැති බිරිඳට කොරෝනා ස්පාඤ්ඤ අගමැති පේද්රෝ සැන්චිස් මහතාගේ බිරිඳ වන බෙගෝනා ගෝමස් මහත්මියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එරට රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 15 March 2020
විශේෂ සාකච්ඡාවක් හෙට කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම පාලනය කර ගැනීම සම්බන්ධයෙන් දැනට මුහුණ දී සිටින අභියෝග වලට මුහුණ දීම සඳහා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් හෙට (15) පැවැත්වේ. 14 March 2020
විදේශ අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුටත් කොරෝනා විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වනවිට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇතැයි විදේශ සබඳතා අමාත්‍යාංශය අද (14) නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 14 March 2020
ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් කෝවිඩ් - 19 පරීක්ෂණයක් කෝවිඩ් - 19 වයිරසයට ගොදුරු වී ඇතිද නැද්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා තමන්ද වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දුන් බව පවසන ඇමරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් මහතා තමන්ගේ ශරීර උෂ්ණත්වය ඉතාමත් සාමාන්‍ය මට්ටමේ පවතින බව පවසයි. අද (14 වැනිදා) වොෂින්ටන් නුවරදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් හමුවේ ට්‍රම්ප් මහතා එසේ කියා සිටියේය. 14 March 2020
කොරෝනා ආසාදිතයන් දෙදෙනා ඉතාලියේ සිට හොරෙන් ආ හැටි ඉතාලියේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව සඟවා අනවශ්‍ය කලබල ඇතිකිරීම හේතුවෙන් බොහෝ දෙනකු අවදානමට ලක්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. 14 March 2020
කොරෝනා පැතිරීමේ කේන්ද්‍රස්ථානය යුරෝපයට යුරෝපය මේ වනවිට කොරෝනා වයිරසයේ කේන්ද්‍රස්ථානය බවට පත්වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. චීනයේදී වයිරසය ව්‍යාප්තියේ උච්චතම අවස්ථාවේ වාර්තා වූවාටත් වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් ලෝකයේ සෙසු රටවලින් දිනපතා වාර්තා වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 14 March 2020
සඳුදා රජයේ නිවාඩු කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්රියේදී එ් බව පැවසීය. 14 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026