(සිරංගිකා ලොකුකරවිට)
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් බාරගැනීම හෝ නාමයෝජනා බාර ගැනීම හෙට (16) දිනයේ සිදුනොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
රජයේ නිවාඩු දිනයක් ලෙස හෙට (16) රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කිරිම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.
මින් ඉහත නිවේදනය කර ඇති පරිදි මාර්තු 17 හා 18 දෙදින කාර්යාල වේලාවන් තුළ සහ මාර්තු 19 වැනි දා පෙරවරු 8.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ඇප මුදල් බාර ගැනීම හා නාමයෝජනා බාර ගැනීම සිදුකරන බව එම නිවේදනයේ සඳහන් වේ.
මාර්තු 19 වැනිදා නාමයෝජනා හා විරෝධතා පිළිබඳ කටයුතු අවසන් වූ පසු 1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24 (1) වගන්තිය යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ඡන්ද විමසීමේ දැන්වීම් නිකුත් කිරීමට නියමිතය.
එමෙන්ම හෙට සඳුදා (16) රජයේ නිවාඩු දිනයක් බැවින් තැපැල් ඡන්ද අයැදුම්පත් මාර්තු 17 වැනි දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බාර ගැනීමට සියලුම තේරීම්භාර නිලධාරීවරුන්ට සහ නියෝජ්‍ය සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ට උපදෙස් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොමසාරිස්තුමාට තේරෙන්නේ නැද්ද ජනතාව බහුතරයක් ඡන්ද පොළට නොගියොත් රටේ ප්රජාතන්ත්රවාදය අවසාන බව. සමහර රටවල මිනිස්සුන්ට ගෙයින් එළියට බහින්නත් තහනම්. මෙහෙ ඡන්ද තියන්න හදනවා.
බලු පොරය නොතිබ්බොත් සෝදාපාලු වෙලා යන තිරිසන්නු උඩු බුරයි... ඒ සමගම බලයේ ඉන්න සුනඛයෝත් පැනපැන බුරන්න පටන්ගනියි. කවුරු මොන විදියට උඩු බිරුවත් මහජනතාවගේ ආරක්ෂාව පළමුව බැවින් ළඟ එන මහා බලුපොරය කල්දැමීම කල යුතුම දෙයක් ලෙස අප දකින්නේ.... මෑතකදීත් කොහෙද යන එන මං නැති කෙනෙක් කොරෝනා නිසා කෑගැහුවා. පේනවනේ මොහුගේ මූලික පරමාර්ථය බලය ගැනීම බවත්, මහජනතාවට කොරෝනා නොව කොරොල්ලා හෝ බී.එම්.ඩබ්ලිව් වැළඳුනත් මට කමක් නැහැ යන්නයි. මෙවන් අය ඉන්නා රටක් කෙසේ දියුණු වෙයිද?
මෙවන් තත්වයක් යටතේ කොහොමද පාසල්වල කුඩා කාමර වල 100ක් විතර එකතුවෙලා ඡන්ද ගනින්නේ..? වෙනත් රටවල මෙන් පරිගණක ක්‍රමයක් යොදන්න ඡන්දපලට ගිහින් පරිගණක ආධාරයෙන් ඡන්දෙ දෙන්න... එතකොට ගණන් කරන්න පහසුයි. මුදල් ඉතිරි වෙනවා. ඉතිරි වෙන මුදල් මේ රටේ සෞඛ්‍යයට වැය කරන්න දේශපාලනේ කරන අයට කොහොම හරි පාර්ලිමේන්තු රිංගන්න තමයි වුවමනාව.. කලාතුරකින් කෙනෙක් තමයි රටේ යහපත ගැන හිතා වැඩකරන්නේ...