( ඔගස්ටින් ප්‍රනාන්දු)
කොරෝනා රෝගින් බවට සැක කෙරෙන් රෝගින් හදුනා ගැනීමට හා ප්‍රතිකාර ලබා දිමට හලාවත නගරය තුළ නිරෝධායන මධ්‍යස්ථානයක් ආරම්භ කිරිමට හලාවත දිස්ත්‍රික් මහ රෝලේ අධිකාරී හා හලාවත නගර සභාව අතර පැවැති සාකච්ඡාවකින් පසු තීරණය කර තිබේ.
හලාවත රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගින් අතරින් කොරෝනා රොගීන් බවට සැක කෙරෙන රෝගින් හත් දෙනෙකු පසුගිය සතියේ දි දිවයිනේ වෙනත් රෝහල් කරා පරික්ෂණ සදහා යවනු ලැබු අතර මෙම තත්ත්වය රෝගින්ටත් රෝහල් කාර්ය මණ්ඩලයටත් වෙහෙසකර වීම හේතුවෙන් හලාවත රෝහල තුළම නිරෝධායන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමේ වැදගත්කම මතුවිම නිසා මෙම තීරණය ගෙන තිබේ.
මෙම මධ්‍යස්ථානයක් රෝහල් සංකීරණය තුළ ආරම්භ කිරිමට පහසුකම් නොතිබු බැවින් හලාවත රෝහල ඉදිරිපිට හරේන්ද්‍ර කොරයා ක්‍රිඩාංගණය තුළ ඇති ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථාන ගොඩ නැගිල්ල යොදා ගැනීඹටත් මෙහිදි තීරණය කෙරුණි.
රෝගින් 16 දෙනෙකුට අවශ්‍ය ප්‍රතිකාර ලබා දිමේ පහසුකම් ඇති බවත් රෝගින් හා වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සනීපාරක්ෂ පහසුකම් ලබා දිමේ කාර්ය නගර සභාව විසින් කටයුතු කරන බවත් නගර සබා ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කිය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හලාවතටත් නිරෝධායන මධ්‍යස්ථානයක්
Thushara Sunday, 15 March 2020 05:02 AM
දැන් ඕක වහන්නයි කියල ස්වාමීන් වහන්සේලා ඒවි.
RandimaSunday, 15 March 2020 09:55 AM
අනිවාර්යයෙන්ම... ෆාදර්ලා 10ක් විතර එයි මේ පාර... ගියපාර 4යි නේ ආවේ...
Fernando Sunday, 15 March 2020 05:05 AM
දැන් මේකට විරුද්ධවත් දේශප්‍රේමී ජනතාව පාරට බහියිද දන්නේ නැහැ ?