(සිතුම් චතුරංග)
කිලිනොච්චිය, මුරුසමොටෙයි, කොරක්කන්කන්ඩිරිප්පු නිවසක් තිබූ බෝම්බ පිපිරවීම සඳහා යොදාගන්නා ඩෙටනේටර කොටස් හා ටි.56 ජීව උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
කොරක්කන්කනඩිරිප්පු හි නිවසක ඇතිවූ විශාල පිපිරීමක් සම්බන්ධයෙන් පොලිසිය වෙත ලැබුණ තොරතුරක්මත එම නිවස පරීක්ෂා කිරීමේදී අදාල සැකකරු පුපුරණ ද්‍රව්‍ය කොටස් සමඟ අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා යාපනය, මුහමාලෙයි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ආයතනයක සේවය කළ පුද්ගලයකු වන අතර ඔහු විසින් බිම්බෝම්බ ඉවත්කිරීමේදී හමුවූ ඩෙටනේටර හා පුපුරණ ද්‍රව්‍ය කොටස් රැගෙනවිත් නිවසෙහි ගබඩා කර තිබූ බවට අනාවරණය වී තිබේ.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ රැගෙන ආ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීම සඳහා පෙට්‍රල් යොදා ගිනි තැබීමේදී මෙම පිපිරීම සිදුවූ බවත්ය.
පිපිරීම සිදුවූ ස්ථානය කිලිනොච්චිය අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් හා බෝම්බ සම්බන්ධ විශේෂ පුහුණුවක් යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) උදෑසන පරීක්ෂා කරනු ලැබීය.
පුපුරණ ද්‍රව්‍ය එක් රැස්කර සැකකරු කිසියම් පුපුරණ ද්‍රව්‍යක් නිර්මාණය කිරීම සඳහා උත්සහ කළේද යන්න සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.
ඔහු කිසියම් ත්‍රස්ත කණ්ඩායමක් නියෝජනය කළේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් සතුන් දඩයම් කිරීම සඳහා මෙම පුපුරණ ද්‍රව්‍ය යොදා ගැනීමට අපේක්ෂා කළේද යන්න පොලිසිය වෙත සැක මතුව තිබේ.
සැකකරු කිලිනොච්චිය, කොරක්කන්කනඩිරිප්පු හි පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ මුවාවෙන් තවත් මෙවැනි ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් විවිධ ස්ථානවල තිබෙන්නට බැරිද? මෙයින් පෙනෙන්නේ නිසි කළමනාකාරීත්වයක් නොමැති බව නොවේද? විවිධ ආයතන හා පුද්ගලයින් පුපුරන ද්‍රව්‍ය ඉවත් කරන මුවාවෙන් ඒවා වෙනකුත් ආරක්ෂිත ස්ථානවල තැන්පත් කිරීමේ වැඩ පිළිවෙලක එක් කෙළවරක් මෙය විය නොහැකිද? එන්.ජි.ඕ. කාරයින් අායෙත් ඩබල් ගේමක් දෙන්න වගේ ලක ලැහැස්ති වෙන්නේ.