(කාංචන ආරියදාස සහ අජන්ත කුමාර අගලකඩ)
කොරෝනා වයිරසය ශ්‍රී ලංකාව තුළ පැතිරීම වැළැක්වීමේ තවත් පියවරක් වශයෙන් ලබන සඳුදා (16 වැනිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (14 වැනිදා) රාත්‍රියේදී එ් බව පැවසීය.
මෙම නිවාඩුව පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද ලැබෙන බවත් ඇමතිවරයා පැවසීය.
කොරෝනා වයිරසය (කෝවිඩ් - 19) පාලනය කිරීම සඳහා වැඩිදුර පියවර අවශ්‍ය වන්නේ නම් හෙට (ඉරිදා) හෝ අනිද්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමෙන් පසුව ඒ සඳහා පියවර ගන්නා බවද ස්වදේශ කටයුතු ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.
“කොරෝනා වයිරසය පැතිරීම වැලැක්වීමට රාජ්‍ය ආයතන සූදානම් කිරීම සඳහා තමයි අපි මේ නිවාඩුව දෙන්නේ. මේ නිවාඩුව විනෝද සවාරි යන්න එහෙම නෙමේ...“
“මේ වෙලාවේ කවුරු කවුරුත් වගකීමෙන් වැඩ කරන්න ඕනා“ යයිද ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.
COMMENTS
පුද්ගලික අංශයේ ඉන්නේ කොරොනා ප්‍රතිරෝධක අය වෙන්න ඇති...
රාජ්‍ය අංශයේ අයට විතරද කොරෝනා හැදෙන්නේ? ගෙදරක සැමියා රාජ්‍ය අංශයේ බිරිඳ පෞද්ගලික අංශයේ වුනොත් ඔය නිවාඩුවෙන් ඇති වැඩේ මොකක්ද? එතකොට අඟහරුවාදා ඉඳලා කොරෝනා ලංකාවෙන් යනවද? මොනවද මේ කරන විහිලු වැඩ? රාජ්‍ය පෞද්ගලික සියලු අංශ එකතුවෙලා මේ පිළිබඳව එක තීරණයක් ගන්න බැරිද මේ හදිසි අවදානම් අවස්ථාවේ?
මේ අයට පිස්සු. එක දවසක් නිවාඩු දුන්නා කියලා කොරෝනා වලින් බේරෙන්න පුලුවන්ද? සේවකයින්ට අන්තර්ජාලය හරහා තමන්ගේ රාජකාරි ඉටු කරන්න පුළුවන් විදිහට රාජ්‍ය සේවය නවීකරණය කළ යුතුව තිබුනා. රාජ්‍ය යාන්ත්‍රනය බිඳ වැටුනොත් මොනවත් කරගන්න බැරි වෙනවා චීනය ගැලවුනේ ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් තිබුන නිසා. සෞඛ්‍ය සේවකයෝ නිවාඩු ඉන්නකොට හදිසි තත්වයකදී කවුද වගකියන්නේ ?
කොරෝනා covid-19 වයිරසයේ බලපෑම හේතුවේ මහමැතිවරණය කල්දමන ලෙස හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබීමෙන්ම පෙනී යන්නේ බොහෝ දේශපාලකයන් මැතිවරණය තැබිය යුතුබව කියා තුනෙන් දෙකක් ගැන සිහින මවද්දී රනිල් වික්‍රමසිංහ මහතා පටු අවස්ථාවාදී දේශපාලන අරමුණුවලින් තොරව රටේ සියලු ජනතවගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා රජයෙන් කරනලද ඉල්ලීම අගය කරමු. සඳුදා රජයේ නිවාඩු දිනයක් කොට COVID-19 නැවැත්විය නොහැකි වුවත් රජයේ සේවකයන් පෞද්ගලික අංශයේ සියලුම සේවකයන්ට මෙන්ම බැංකු සේවකයන්ටද නිවෙස්වල සිට සේවය කිරීමට අවස්ථාව සලසා දීමට රජය කටයුතු කළහොත් එය එක්තරා "quarantine" කිරීමකි. සේවකයින්ගේ සේවයත්, ආරක්ෂාවත් COVID-19 පැතිර යාමත් අඩුකර ගැනීමට හැකියාව පවතී. වර්තමාන රජයට එවැනි සූදානමක් තිබේද කියා සැක සහිතයි.
කොරෝනා ලෙඩුන් යයි ස්ථිර 10 ක් මේ වෙනකොට ලංකාවේ ඉන්නවා. ඒ වගේම මේ රෝග ලක්ෂණ තියෙන බොහෝ පිරිසක් විවිධ රෝහල් වල රෝහල් ගත වෙනවා. නමුත් මෙසේ රෝහල්ගත වෙන සමහර අයට තිබෙන ඉහළ ප්‍රතිශක්තිකරණය නිසා ඔවුන්ට ඇත්තටම කොරෝනා වැළඳී තිබුනත් අපේ සෞඛ්‍යය සේවකයින්ට එය හරියටම අඳුනාගන්න බැහැ. ඒ එම රෝගීන්ගේ ප්‍රතිශක්තිය ඉහළ නිසා. ඔබ අප කවුරුත් දන්නවා අපේ සෞක්‍ය අංශ සහ රෝහල් වලට මෙය සොයාගැනීමට හරියටම දැනුමක් සහ උපකරණ නැති බව. ඒ නිසා සමහර ලෙඩුන් සාමාන්‍ය උණ හොඳ වී නැවත ගෙදර යනවා. නමුත් මොවුන්ව ඇසුරු කළ වෙනත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය දුර්වල නම් ඔවුන්ට මෙය වැළඳීමේ සහ අසාද්‍ය වීමේ ලොකු ඉඩක් තියෙනවා. කොරෝනා කියන්නේ මෙය වැළඳෙන සියලු දෙනාම අසාද්‍ය වෙන රෝගයක් නෙමෙයි. ප්‍රතිශක්තිය දුර්වල අයට පමණයි අසාද්‍ය වෙන්නේ.
ව්‍යාපාරික ප්‍රජාවට කෙසේද පඩි ගෙවන්නේ නිවාඩු දිනයන්ට? රජය සහන දිය යුතුයි. නිවාඩු දීම ප්‍රශ්නයට විසදුමක් නෙමෙයි. රජයේ නිසි වැඩපිළිවෙලක් නැති බව පෙනෙයි. ඉදිරි නිවාඩු අවලංගු කළ යුත්තේ ආර්ථික දියුණුවකටයි.
එක දවසක නිවාඩුවෙන් කොහොමද කොරෝනා නවත්තන්නේ?
කොරෝනා තිබුනොත් මැතිවරණයට රජයේ සේවකයෝ යොදන්න පුලුවන්ද? ජන්ද ගණන් කරන්නේ පාසල්වල පුංචි කාමර වල 100 කට විතර ආසන්න කණ්ඩායම් එක්ක. ඒ නිසා ඒ ගැනත් ආණ්ඩුවට හිතන්න වෙනවා.
නිවාඩු දුන්නට කොරෝනා පැතිරෙන එක නවතින්නේ නැහැ. එහෙනම් ඇඳිරි නීතිය දාන්න වෙයි. වෙන කිසිම රටක් කොරෝනා තිබ්බා කියලා තමන්ගේ වැඩ නවත්තලා නෑ. මෙහෙම ගියොත් ආර්ථිකයට මොකද වෙන්නේ ?
ඔව් ඔව්. අපේ රටේ ඉන්නවා නෙව අර ගුවන් තොටේදී පොරවල් වෙන්න දඟලපු , දැන් ඔය පස්ස බිම ඇන ගෙන ඉන්න ජාතියේ මන්ද මානසික ලෙඩ්ඩු , ඒ ටික "ලෝන්ග් වීක් එන්ඩ් " එක භුක්ති විඳින්න සැරසේවී.
දවසක් නිවාඩු දීලා කරන්න දෙයක් නැහැ. සති දෙකක්වත් දුන්නොත් කොරෝනා පැතිරීම පාලනය කරන්න පුළුවන්.
දැන් ඔය එක් දින නිවාඩුවෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවාද? කොරෝනා කියන්නේ ලංකාව හරහා යන සුළි කුණාටුවක්ද? ඔය දවසේ පමණක් නිවාඩුදෙන්න? එහෙම නැත්නම් ඔය එක දවසෙන් ඔයගොල්ලා කොරෝනා ලංකාවෙන් තුරන් කරල දානවද? එහෙමත් නැත්නම් කොරෝනා බයවෙයි කියලා හිතනවද එය එක් දින නිවාඩුවට? වගකිවයුතු රජයක්, ජනතාව සමග එකට ඉන්න ඔනෑ වෙලාවක ඔහොම හැම අමාත්‍යාංශයක්ම නිවාඩු දාලා ගෙදර නිදන් ඉන්න එක මොනතරම් විහිලුවක්ද? ෆේස් මාස්ක් රටේ කොහෙත්ම ගන්න නැහැ කොහෙන් හරි ගෙනත් නොමිලේහරි බෙදන්න. සෑම බේකරියකම,අවන්හලකම වෑඩකරන හැම සේවයකුටම /බස් කොන්දොස්තරවරු/රියදුරු/කඩ හිමියන්/වෙළද නියෝජිතයන් සෑම දෙනෙකුටම ෆේස් මාස්ක් පැළදීම කිරීම අනිවාර්‍ය කරන්න. ඉරිදා/සිකුරාදා දිනයන්හි, කතෝලික සහ මුස්ලිම් පල්ලිවල දේව මෙහෙය/ජුම්මා තාවකාලිකව තහනම් කරන්න, නැත්නම් අනිවාර්‍යෙන් ෆේස් මාස්ක් පැළද එන්න කියන්න.
දැන්නම් ඔහොම ලාහෙට ගෙම්බෝ අල්ලනවා වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. මම නම් හිතන්නේ නිරෝධායනයට අහු නොවිච්ච පිටරට ඉඳන් ආපු බොහෝ පිරිසක් ඉන්න නිසා සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ ජිනීවා ගියපු අයටත් කොරෝනා හැදෙන තැනට ඇවිල්ල නිසා, සියලු රජයේ සහ පෞද්ගලික අංශයට සති දෙකක "පඩි සහිත" ලෙඩ නිවාඩු දීලා, ගුවන් තොටුපොළත් වහල, නිරෝධනයට අහු නොවුණු පිටරටින් ඇවිල්ලා රට ඇතුළේ ඉන්න සියලු දෙනා නිරෝධනය කරන්න කටයුතු කළා නම් හොඳයි කියලා. දැනටත් පරක්කු වැඩි වගේ පේන්නේ. ඉන්දියාව ගැන වෙන තැනක ලිව්ව නිසා ආයේ ලියන්නේ නැහැ. ඉන්දියාවට යුරෝපයට ඇතුළු සියලුම ගුවන් ගමන් නවත්තන්න ඕනේ වහාම. තාම තේරෙන්නේ නැති වුනාට ලංකාව බරපතල තත්වයකට පත් නොවී බේරිලා ඉන්න එක බලා ඉන්න බැරි පිරිසක් ලංකාවේ මිනිස්සුනට කොරෝන බෝ කරන්න හිතාගෙනම පිටරට ඉඳන් ඇවිල්ල ඉන්න බව පේනවා. වැඩේ බරපතල වෙන්න ඉස්සෙල්ල පියවරක් ගන්න වෙයි.
එතකොට අඟහරුවාදා ඉඳන් කොරෝනා වැළඳෙන්නේ නැතිද?
සිංහලයෙන් මේකට කියන්නේ "අතීසාරයට අමුඩ ගැහීම" කියා නේ ? එක නිවාඩු දිනයකින් මේ වෛරසය පාලනයට හැකි හොඳයි නේද ?
ලොක්කා පාලනයට ආපු දවසේ ඉදල ගත්තු තීරණ ඔක්කොම එකයි. අනේ මන් දන්නේ නැහැ මේකෙන් මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා. කළොත් කරන්නේ මෝඩ වැඩක්.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් මෙම ආයතනයට සේවය සඳහා සේවකයින් පැමිණෙන අතර එක්දිනක් සඳහා නිවාඩු ලබා නොදීම කණගාටුදායකයි.
හැමෝටම නිවාඩු දුන්නයින් උනේ හුරේ කියාගෙන දීර්ඝ සතිඅන්තය නිසා සිරිපාදේ හරි කොහෙහරි ට්‍රිප් යනඑක. කෝච්චිවල, බස්වල එල්ලිලා, තෙරපීගෙන යනකොට කොරෝන නෙවේ තවත් නැති ලෙඩ හොඳට හිටීවි.