(රොමේෂ් මධුෂංක)

කොටි සංවිධානයේ නායකයකු වූ තිලීපන් නැමත්තාගේ,  යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකොට තිබූ පිළිමයක්  ඉවත් කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන තිබුණි.

නල්ලූර් ප්‍රදේශයේ දින 15 කට ආසන්න කාලයක්  ටී. තිලීපන් නැමත්තාගේ 39 වන ගුණ සැමරුම පැවත්වීමට යාපනයේ සිවිල් සංවිධාන සාමාජිකයන් හ දෙමළ දේශපාලන පක්ෂ ක්‍රීයාකාරීන් විසින් පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් පළමුව ගුණසැමරුම් ස්ථානයේ පිළිමයක් නොතිබුනද පසුව එම ස්ථානයට තිලීපන් නැමත්තාගේ පිළිමයක් තැන්පත් කිරීමත් සමග විවිධ පාර්ශවයන්ගෙන් මෙන්ම සමාජ මාධ්‍යන් ඔස්සේද දැඩි විරෝධතාවන් එල්ල වූවේ කොටි නායකයකුගේ පිළිරුවක් තැන්පත් කොට එයට පුදසත්කර කිරීමට බලධාරීන් ඉඩහැර ඇති බවට පවසමිනි.

කෙසේ වෙතත් අද උදෑසනම යාපනය පොලීස් නිලධාරින් පිරිසක් පැමිණ තිලීපන් නැමත්තාගේ පිලිරුව ගලවා පොලිස් ජිප්රථයකට දමා රැගෙන යන අයුරු දැක්වෙන සී.සී.ටී.වී. දර්ශනද සමාජ මාධ්‍යන් ඔස්සේ ප්‍රචාරය විය.

ඒමෙන්ම තිලීපන් නැමත්තාගේ පිළිරුව රැගෙන ගිය පසුද පිළිමය නොමැතිව බොහෝ පිරිසක් එම ස්ථානයට පැමිණ මල් පහන් දල්වා තිබුණි.