(අංජුල මහික වීරරත්න )

හඳුනාගත් රාජ්‍ය ආයතන ගණනාවක් ලබන වසර වන විට නිවසේ සිට වැඩ කළ හැකි ලෙස ඩිජිටල්කරණයට ලක් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේදී අද (27) පැවසීය.

එවිට ජනතාවට එම කාර්යාල වලට නොයා නිවසේ සිට අදාළ කාර්යයන් කර ගැනීමට හැකියාව ලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

"අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි"යන තේමාවෙන් ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේ පැවැති මෙම ජන රැළියේදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව කීය.