(සිරංගිකා ලොකුකරවිට)
සියලු වන්දනාගමන් නවතා දමන ලෙසත් ජනතාව සහභාගී වන ආගමික උත්සව අවලංගු කරන ලෙසත් බුද්ධ ශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇත.
කොරෝනා රෝගය පැතිරීමේ අවදානමක් ඇති බැවින් මෙම පියවර ගත් බව අමාත්‍යංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා මෙසේ පැවසීය.
''ආගමික කටයුතුවල යෙදෙන්න එපා කියා අපිට බල කරන්න බැහැ. නමුත් සෞඛ්‍ය අංශ පැහැදිලිව කියනවා සෙනඟ රැස්වන සියලු කටයුතු නවත්වා දමන්න කියලා. ඒ නිසා අපේ අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කළා සියලුම වන්දනා ගමන්වලින් වැළකී සිටින්න කියලා. පසුගිය දින කිහිපයේ අති විශාල බැතිමතුන් පිරිසක් සිරිපා වන්දනාවේ ගිහින් තියෙනවා. මෙය ඇත්තටම අවදානම් තත්ත්වයක්.
එවැනි තැන්වල කොරෝනා රෝගය පැතිරීමේ දැඩි අවදානමක් තියෙනවා. ඒ නිසා ආගමික කටයුතු තමන්ට අවශ්‍ය පුද්ගලික මට්ටමින් නිවෙස්වලට වී සිදුකර ගනිමින් ඒකරාශී වීමෙන් වළකින්න කියා තමයි අපි ඉල්ලන්නේ. සියලුම විහාරස්ථානවලටත් මේ නිවේදනය යොමු කරනවා" යැයිද කීය.
COMMENTS
පොදු පිහිනුම් තටාක වලින් සහ වැව් - ගංගා - ඇලදොළ තොටුපළවල් වල දිය නෑමෙන් වළකින්න.
මගුල් ගෙවල් ?
එටකොට ඡන්ද රැස්වීමේ තහනම් කරයිද?
අනෙක් රටවල් මේවට දැඩි නීති පනවලා තියෙනවා. රට වැසියාගේ සහයෝගයක් නැත්තම් එහෙම දැඩි නීති පනවන එක සාධාරණයි මෙවැනි අවස්ථාවලදී.....
අයියෝ ලබන මාසේ අපි නාග ධාතු බලන්න කැළණි යන්න බස් එකකුත් බුක්කරලා තියෙන්නේ..
කරුණාකර දළදා මාලිගාවට යාම තාවකාලිකව නවතන්න...