(දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 133 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 16 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වයිරසය අසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 11 ක් වන අතර, ශ්‍රී ලාංකිකයින් 10 දෙනකු සහ චීන ජාතික කාන්තාව ඊට අයත් වේ.මේ අතුරින් චීන ජාතික කාන්තාව සුවය ලබා පිටත්ව ගියාය.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ මෙම කරුණු දැක්වෙයි.
ජාතික බෝවන රෝග විද්‍යායතනය, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහල යන රෝහල් 6 සඳහා මේ වන විට සැක සහිත රෝගීන් වැඩි වශයෙන් ඇතුළු කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව මේ වන විට ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ සැක සහිත පුද්ගලයින් 45 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති. ඉන් 41 දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර සිව් දෙනෙක් විදේශිකයෝ වෙති.
කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 14 දෙනකු , ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 13 දෙනකු ඇතුළත් කර සිටින අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත. ඉන් 14 දෙනකු ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් සිටී. පොළොන්නරුව මහ රෝහලට සැක සහිත පුද්ගලයින් 12 දෙනකු ඇතුළත් කර තිබේ.
ඒ හැරුණු විට ශ්‍රී ලංකාව පුරා සෙසු රෝහල් 10 සිටින පුද්ගලයින් ද සමඟ වයිරසය ශරීරගත වී ඇත්දැක් පරීක්ෂණ සඳහා දිවයින පුරා රෝහල් වලට ඇතුළු වී සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 133 කි.
වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාව පහත දැක්වෙයි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ පවතින උෂ්ණ දේශගුණය නිසා, අපට මේක මර්ධනය කිසිම අපහසු නොවන අතර, ලංකාවේදී සොයාගත් රෝගීන්ට ප්‍රතිකාර කිරීමද එතරම් අපහසු නොවන බව පෙනීයන බැවින්, මේ ගැන බියවීමට වුවමනාවක් නැත. නමුත් ලංකාවට පැමිණෙන චීන ජාතිකයින්ට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. අද සිට යුරෝපයේ සිට පැමිණෙන සියලුම මගින් අනිවාර්ය නිරෝධායනයට යොමු කරනවා මෙන් චීන ජාතිකයින්ද යොමුකළ යුතුය. චීනය ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ගැන නම් විශ්වාසයක් තබන්න බැහැ...