(ෂෙල්ටන් හෙට්ටිආරච්චි)
අතිවිශාල ජනතාවක් ඒකරාශි වන ශ්‍රී පාද වන්දනා ගමන නතර කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෝරණ පුෂ්පකුමාර මහතා බුද්ධශාසන අමාත්‍යාංශයේ ලේකම් වරයාගෙන් ඉල්ලීමක් කර ඇත.
කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගන්නැයි ඉල්ලීමක් කර තිබේ.
ශ්‍රි පාද වන්දනා ගමන සඳහා අතිවිශාල ජනතාවක් සතිඅන්ත දින වලදී පැමිණෙන බවත් ඊයේ (14) වන දින මෙම වන්දනා ගමන සඳහා ශ්‍රි ලංකාවේ විවිධ ප්‍රදේශවලින් වන්දනාකරුවන් බස්රථ 102 ක් ද, වෑන් රථ 40 ක් ද, පෞද්ගලික මෝටර් රථ විශාල ප්‍රමාණයකින් ද මෙම වන්දනා ගමනට එක්ව සිටි බව කියා සිටියේය.
ඒත් සමඟම දේශීය සංචාරකයින්ට අමතරව විදේශිය සංචාරකයින් පිරිසක් ද මේ අතර සිටි බව නුවරඑළියේ දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අනාවරණය කර සිටියේය.
ශ්‍රී පාද පුද බිම අධික සීතල දේශගුණික ස්ථානයක් වීම, වන්දනාකරුවන්ගේ තෙරපීම්, තෙහෙට්ටුව නිසා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සාමාන්‍යයෙන් පිරිහීමකට ලක්වන බවත්, විශාල වශයෙන් ආරක්ෂක වැටවල් පරිහරණය කිරීම් මෙන්ම බහුතරයක් වැඩිහිටියන් වීම හේතු කරගෙන මෙම කොරෝනා වයිරය පැතිර යාමේ අවධානමක් ඇති බවද සඳහන් කළ දිස්ත්‍රික් ලේකම්වරයා ශ්‍රි පාද වන්දනා ගමන නතර කිරීම මේ අවස්ථාවේ දී කාලෝචිත ක්‍රියාවක් බව බුද්ධ ශාසන අමාත්‍යාවරයා වෙත ලිඛිත දන්වා සිටි බව කියා සිටියේ ය.
බුද්ධ ශාසන අමාත්‍යාංශයට අතිරේඛ සෞඛ්‍ය අමාත්‍යාංශයත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයත් ඒ සම්බන්ධව දන්වා සිටි අතර, ශ්‍රි පාද ස්ථානාධිපති නාහිමියන් වෙත ද මේ සම්බන්ධව දැනුවත් කළ බව දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා අනාවරණය කළේය.
මේ සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද ඒ මහතා තවදුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
404
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2184
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1654
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ශ්රී පාද වන්දනා ගමන් නවත්වන්නැයි ඉල්ලීමක්