නව කොරෝනා වයිරස් (කොවිඩ් -19) තර්ජනයට එරෙහිව පාකිස්තානය ගෙන ඇති පියවර 'කාලෝචිත' සහ 'හොඳම ජාතික ප්‍රතිචාර වැඩසටහන' ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසයි.
පකිස්ථානයේ ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී ආචාර්ය පාලිත ගුණරත්න මහිපාල මහතා කරච්චි නුවර විවිධ රෝහල්වල සහ පරීක්ෂණාගාරවල සංචාරය කරමින් මාධ්‍ය අමතමින් මෙසේ පැවසීය.
“වෙනත් රටවල වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක පාකිස්තානය වෛරසය වළක්වාලමින් සිටීම ප්‍රශංසනීයයි. ”
වෛරසයට පළාත් පාළන ආයතන වල සූදානම තක්සේරු කිරීමට සහ විවිධ රෝහල්වල පිහිටුවා ඇති හුදකලා ඒකක පරීක්ෂා කිරීමට සඳහා මහීපාල මහතා කරච්චි ඇතුළු නගර කිහිපයක සංචාරයේ යෙදුනේය.
පකිස්ථානයේ ඊයේ(14) වනවිට කොරෝනා වෛර ආසාදිතයන් 31ක් වාර්තා වී තිබිණි.
නව ආසාදිතයන් පිළිබඳව සුපරීක්ෂාකාරීව විමසිල්ලෙන් සිටින ලෙස සහ පරීක්ෂණ පහසුකම් පුළුල් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය එරට රජයෙන් ඉල්ලා ඇත.
මේ වන විට පාකිස්තානයට රෝග විනිශ්ච සඳහා පරීක්ෂණාගාර 7 ක් ඇති අතර ඒවා පරීක්ෂණ 15,000 ක් පැවැත්විය හැකිය.
නමුත් සැක සහිත රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගියහොත් තවත් රෝග විනිශ්චය කිරීමේ පහසුකම් අවශ්‍ය වන බවත් ඉරානයෙන් පැමිණෙන බවට සැක කෙරෙන පුද්ගලයින් පරීක්ෂා කිරීම සහ රෝග විනිශ්චය කිරීම සඳහා පියවර ගෙන ඇති බවත් සඳහන් වේ.
කොවිඩ් -19 වසංගතයේ බරපතලකම අවධාරණය කරමින් මහීපාල හේරත් මහතා කියා සිටියේ දකුණු කොරියාව, ඉතාලිය වැනි දියුණු සෞඛ්‍ය පද්ධති ඇති රටවල් පවා කොවිඩ් -19 පාලනය කිරීමට අපොහොසත් වී ඇති බවයි.
පාකිස්තාන බලධාරීන් මෙම තර්ජනයට කාලෝචිත ලෙස ප්‍රතිචාර දැක්වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෛරසය රට තුළට ඇතුළු වීම පමා වූ බවද හෙතෙම සඳහන් කළේය.
(විදෙස් මාධ්‍ය ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 17
7
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
855
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2491
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
‘කොරෝනා පාලනයට එරෙහිව පාකිස්ථානය ගෙන ඇති පියවර ප්‍රශංසනීයයි’
jaya Sunday, 15 March 2020 04:51 AM
පකිස්තානය යනු න්‍යෂ්ටික ආයුධ ටිකවත් පරෙස්සන් කර ගන්න අඩුම සම්භාවිතාවක් තියෙන රට කියලා තමා අහලා තියෙන්නේ. එහෙම පිළිවෙලක් නැති රටක් කොරෝනා මැඩපවත්වනවද නැත්තන් ඉරානේ වගේ වැඩේ දරුණු වෙනකන්ම මොකුත් නොදැන ඉන්නවද කියල තමා ප්‍රශ්නේ.
Sahan Sunday, 15 March 2020 09:18 AM
අපි බලාපොරොත්තු වුනේ ඉම්රාන් කෙනෙක් අපිට ලැබුනේ සිරිසේන කෙනෙක්. එ්කයි අපේ වෙනස...
Aseal Sunday, 15 March 2020 09:21 AM
ඔව් ඔව්, කළින් තිබුණු පාකිස්ථානය නෙවෙයි දැන් නැගී එන්නේ... ඉම්රාන් ඛාන් එක්ක ඔය නැගී සිටින්නේ... අනේ එ්කට අපේ රට... බලාපොරොත්තු වුනේ රන් බිත්තරයක්... ලැබුනේ ගොම බිංදුවක්...