( රොමේෂ් මධුෂංඛ )
වව්නියාවේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජය ගත් තීරණය දැඩි ලෙස හෙලා දකින බවට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් පවසයි.
කොරෝනා වයිරස් නිරෝධායන මධ්‍යස්ථානයක් වවුනියාවේ යුද හමුදා කඳවුරක පිහිටුවා එයට සැකකටයුතු පිරිස් රැගෙන ඒමෙන් උතුරේ ජනතාවටද දැඩි අවධානම් තත්වයකට මුහුණ පෑමට සිදුවනු ඇතැයි ඔවුහූ කියති.
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සෙල්වම් අඩෙක්කලනාදන් හා චාල්ස් නිරමලනාදන් යන මන්ත්‍රීවරුන් මෙසේ විරෝධය පාති.
එහිදී මන්ත්‍රීවරුන් විසින් කියා සිටින්නේ රජය විසින් නිරෝධයන මධ්‍යස්ථාන ගාල්ල හා හම්බන්තොට වැනි ප්‍රදේශයන්හි ඉතා පහසුවෙන් පිහිටුවීමට අවස්ථාව තිබියදී උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි නිරෝධයන මධ්‍යස්ථාන පිහිටුවීම මගින්ම උතුරු නැගෙනහිර ජනතාවගේ තත්වය වැටහී යන බවට පවසා සිටියි.
උතුරු නැගෙනහිර ජනතාව අවධානම් තත්වයකට දමමින් මෙසේ එම ප්‍රදේශයන්හි නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවීම සිදු නොකළ යුතු බවටත් වයිරස්කාරකය වැළඳී ඇතැයි සැකකෙරෙන පුද්ගලයින් නිරෝධයනය කිරීම සඳහා බහුතරයක් වූ දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශ ඉලක්ක නොකොට වෙනත් ප්‍රදේශයන්හි නිරෝධයනය කිරීමට රජය වහාම පියවර ගත යුතු බවටද දෙමළ ජාතික සන්ධානය විසින් වැඩි දුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ හරක්. ඉස්කෝලේ ගිහින් තියෙනවද කියල බලන්න අඩුගානේ. මේ රටේ මිනිස්සු නෙමෙයි මේ හිස් කබල්.
රෝගීන් බහුල රටවලින් එන ගුවන්යානා මත්තල ගොඩ බස්සවා ඒ අවට ජන ඝනත්වය අඩු ප්‍රදේශයක් නිරෝධායන කටයුතු සදහා තෝරා නොගන්නේ ඇයි?
රටේ මහජනතාවගේ පොදු යහපත වෙනුවෙන් ගන්නා හදිසි තීන්දු, තීරණ වලදි එක් එක් අයගෙන් අවසර ගන්න අවශ්‍ය නෑ.
දෙමළ ජාතික සන්ධානය යනු සෞඛ්‍ය අමාත්‍යාංශය නොවේ.
දැන් මෙතන සමහරු මේකට බනින්න ගනීවී. හැබැයි මුලින්ම හැදල පටන් ගන්න යනකොට ඕවට විරුද්ධ වුනේ බෞද්ධ භික්ෂුව කියන එක අමතක වෙලා වගේ.
මෝඩ සිංහලයට විරුද්ධ වෙන්න පුලුවන් නම් මෝඩ දෙමළට මොකද බැරි ඕකට විරුද්ධ වෙන්න. රටේ කරුමෙ, ජාති භේදයෙන් තොරව මෝඩයෝ රට පුරා.
ලෙඩවලටත් ජාතිවාදය අවුස්සන මේ වගේ හරක් පාර්ලිමේන්තුවට යවන්නේ මොකටද ?
මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන්, ආරක්ෂාව වෙනුවෙන් ( බලයේ ඉන්න පක්ෂ පාට මෙයට අදාළ නැත) ගන්න තීරණවලට මිනිසුන් නොව තිරිසනුන් බැවින් ඒ සියල්ලම අල්ලා ඇතුලට දැමීම වඩාත් සුදුසුය. සිංහලද, දෙමළද, මුස්ලිම්ද අදාළ නැත. එහි කිසිදු වැරද්දක් ද නොමැත.
බැරිද ඔය නිරෝධායන මධ්‍යස්ථාන වල කෝවක් හදන්න. මේවගේ අන්තවාදින්ව (වසංගත) නැවත ප්රතිචක්රණය කරලා ගන්න. මොකෝ කොරෝනා - කොවිඩ් 19 වසංගතය එක ජාතියකට? ආගමකට ? රටකට පමණක් බලපාන දෙයක් නොවේ . මුළු ලෝකයම එකවර නිරෝධායනය කළ හැකිනම් කළයුතු දෙයකි. නිරෝධායන මධ්‍යස්ථාන වැඩිවන තරමට කුඩා කොටස් නිරෝධායනය කර නැවත සමාජ ගතකිරීම පහසු වන බැවින් හා යුද සමයේ රසායනික අවිවලට මුහුණදීමේ හැකියාව උදෙසා මෙම කඳවුරු තුළ විශේෂ පහසුකම් සකසා තිබීමේ හැකියාව වැඩි බැවිණි. මෙතැනදී ජාති,කුල, හමේ වර්ණය හෝ වෙනයම්ම විශේෂත්වයක් සලකා නොලබනු ඇති යයි නොසිතේ. ඔය වගේ අර නිරෝධායනය අනවශ්‍යයයි කියූ අයටත් කොවිඩ් 19 වසංගතය හැදිලාලු .
වවුනියාවේ දෙමළ කෙනෙක්ට කොරෝනා හැදුනොත් කොහාටද ගෙනියන්නේ කියලා අහන්න.
ඔන්න ඔය විරෝධය පාන අයට ඔය කොරෝන රෝගය හැදෙන්න ඕනේ.මේ අය මහා ලොකුවට ජිනීවා ගිහිල්ල කතාකරන්නේ මහා දානපති, ජනතාවගේ ආරක්ෂකයෝ වගේ. මෝඩයෝ.
ඡන්දයක් ළගයි. මොනවා හරි කියන්න එපාය.
මිනිස්සු තිරිසන්නු වගේ හැසිරෙන්නේ ඇයි මේ වෙලාවේ ? කුහක ඇසින් බලන මේ නරුමයන් මේ රටේ ඉපදුන අය නෙමෙයි. ඔහු සිංහලයද ? දෙමළද? මරක්කලයද කියලා වෙනසක් නැහැ.