ඉන්දීය මන්ත්‍රීවරියක් රිය අනතුරකින් මරුට තෙලඟනා ප්‍රාන්ත මන්ත්‍රී තිස් හත් හැවිරිදි ලස්යා නන්දිතා මහත්මිය ගමන් කරමින් සිටි එස්.යූ.වී රථය හයිද්‍රාබාද් නගරයේදී මාර්ගය වෙන් කිරීම සඳහා ඉදිකර ඇති බැම්මක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් අද(23) ජීවිතක්ෂයට පත් විය. 23 February 2024
ජනපති ඇමරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (23) පෙරවරුවේදී සිදු විය. 23 February 2024
කඳානේ වෙඩි තැබීමට සහය දුන් සංජීවගේ ගෝලයා මාට්ටු සංවිධානාත්මක අපරාධකල්ලි නායකයකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ මෙහෙයවීමෙන් කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරුවකු ඊයේ (22) අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. 23 February 2024
කොළඹ ආනන්ද විදුහලට පරිසර සම්මාන දෙකක් කොළඹ, ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දේශගුණික අරමුදල ස්වාධින නිර්දේශයට යටතේ පිරිනැමූ අයිඑස්ඕ ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිකරගත්තේය. 23 February 2024
ලොව විශාලතම සර්පයා ඇමසන් වනයෙන් ලොව විශාලතම සර්පයින් විශේෂය ඇමසන් වනාන්තරයෙන් සොයා ගැනීමට විද්‍යාඥයන් කණ්ඩායමක් සමත් වී ඇත.මෙලෙස ලොව විශාලතම සර්පයින් විශේෂය ලෙස හඳුනාගෙන ඇත්තේ යෝධ ඇනකොන්ඩා සර්පයින් විශේෂයකි. 23 February 2024
චිත්‍රපටියට කෝටි 37ක පොල්ලක් ජාතික චිත්‍රපට සංස්ථාව දිවයින පුරා සිනමාහල්වලින් රුපියල් කෝටි 37 ක මුදලක් අය කර ගැනීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 23 February 2024
‘කොළඹ නවම් පෙරහැර’ වර්ණවත් කරන්න ආශීර්වාද කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට සහභාගි වන අලි සහ ඇත්තුන්ට ආශීර්වාද කිරීමේ චාරිත්‍රය එම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්ඳේ අස්සජී හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එම විහාරස්ථානයේදී අද (23) පෙරවරුවේ පැවැත්විණි. 23 February 2024
ඇමෙරිකා නියෝජ්‍ය රාජ්‍ය ලේකම් - විදේශ ඇමති හමුවෙක් ඇමෙරිකා එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා මහතා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී අද (23) පැවැත්විණි. 23 February 2024
හොර ගරු නාම ගත් අයට වැඩ වරදී නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබා ගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අදාල විෂය පිළිබඳ කටයුතු කරන රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දී තිබේ. 23 February 2024
මෙරට පුරවැසියන් ලක්ෂ 92ක් පාස්පෝට් අරගෙන ශ්‍රී ලංකාවේ ජනඝහනයෙන් සියයට 40 ක් හෙවත් පුද්ගලයන් ලක්ෂ 92 කට ආසන්න සංඛ්‍යාවකට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා ආගමනවිගමන දෙපාර්තමේන්තුව පවසයි. 23 February 2024
සත්‍යප්‍රිය ලියනගේ සජබයට එක් වෙයි හිටපු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය හා එක්විය. 23 February 2024
පාඨලී අනාවැකියක් කියයි මීළඟ මැතිවරණයෙන් පවතින රජය අනිවාර්යයෙන්ම වෙනස් වන බව එක්සත් ජනරජ පෙරමුණු නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 23 February 2024
දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 3 ක් හෙවත් දරුවන් 129,000 ක් පමණ පාසල් අධ්‍යාපනය නතර කර ඇතැයි එහි වාර්තා හෙළි කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 23 February 2024
දේශපාලන සුරංගනා කතා ඇහුවෙ නැත්නම් රට සිංගප්පූරුවට එහා ආගමික සහ භාෂා වශයෙන් ජනතාව වෙන් නොවී එක්ව කටයුතු කරනවා නම් රටක් වශයෙන් දියුණු වෙනවා පමණක් නොව දේශපාලකයන් පිටුපස හිඟන්නන් සේ යාමට සිදු නොවන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 23 February 2024
’’සමනල වැවේ ජලකාන්දුව හදන්න බැහැ’’ සමනල වැව ජලාශයේ ජලකාන්දුව පිළිසකර කිරීමෙන් නැවැත්විය නොහැකි බව ශ්‍රී ලංකා එනර්ජි පෞද්ගලික සමාගමේ ප්‍රධානීහු බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්හ. 23 February 2024
මහල් නිවාසක ගින්නෙන් 4ක් මරුට: 14කට තුවාල ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ මහල් නිවාසයක ඊයේ (22) ඇති වූ විශාල ගින්නකින් සිව් දෙනකු මියගොස් තවත් 14 දෙනකු තුවාල ලබා ඇතැයි හදිසි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෝර්ජ් සුවාරෙස් මහතා ප්‍රකාශ කළේය. 23 February 2024
විදුහල්පතිවරයකු ඉල්ලා ගවරවිල සිසූහු විරෝධයක හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගවරවිල සිංහල මහා විද්‍යාලයට විදුහල්පතිවරයෙකු ලබාදෙන ලෙස බල කරමින් එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් විසින් ඊයේ (22) උද්ඝෝෂණයක් සිදු කලහ. 23 February 2024
පළාත් කිපයකට අද වැසි බස්නාහිර,දකුණු, සබරගමුව, මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 February 2024
ගත වූ 24 පැයේ 729ක් මාට්ටු ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්ති මෙහෙයුම්වලින් අපරාධකරුවන් 729 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි. 23 February 2024
හිරේ ඉන්න සැමියට කුඩු ගෙනා කත මාට්ටු බන්ධනාගාර ගතකර සිටින සැමියාට ලබාදීම සදහා හෙරෝයින් මත්කුඩු කලිසම් වාටියක සගවාගෙන පැමිණි බිරිය සමග මාස 7 ක් වයසැති පිරිමි දරුවකු භාරකාරත්වය සමග අත්අඩංගුවට ගත් බව කළුතර උතුරු පොලිසිය කියයි. 23 February 2024
කිතුල්උතුව අනතුරින් කතක් මරුට:තුනක් රෝහලට ත්‍රිකුණාමලය මහනුවර ප්‍රධාන මාර්ගයේ හතරැස් කොටුව හා කිතුල් උතුව අතරේදි සිදුවු වෑන්රථ හා ටිපර් රථ අනතුරකින් වෑන් රථයේ ගමන් ගත් කාන්තාවක මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය කියයි . 23 February 2024
කඳු තරණයට ගොස් වැටී මරුට ඇල්ලේ කඳු තරණයට ගිය විසි දෙක හැවිරිදි තරුණයකු ඇල්ල ගම්මානයට ඉහළ කන්ද තරණය කරද්දී කඳු මුදුනේ සිට ප්‍රපාතයකට ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේ දී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලීසිය පැවසීය. 23 February 2024
නාසා යානය සඳට ගොඩබායි ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි. 23 February 2024
කෝප්,කෝපා කමිටුවලට පණ දෙයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 24 ක් සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රී නාමාවලිය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කළේය. 22 February 2024
‘‘ඡන්ද කල් දමන්න ඉඩ දෙන්න එපා‘‘ වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා යැයි තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ අදපැවැසූහ. 22 February 2024
වන්දනා බසය පෙරළී 20ක් රෝහලේ මාතලේ සිට සිරිපාදස්ථානය වන්දනා කිරීම සඳහා පැමිණි නඩයක් රැගෙන මීට පෙරද බිහිසුණු අනතුරු රාසියක් සිදුවූ මේ වන විට බර වාහන ඇතුළු වීම තහනම් කර ඇති නානුඔය රැදැල්ල කෙටි මාර්ගයේ ගමන් කරමින් සිටියදී වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගය අරහා පෙරළී අනතුරට ලක්ව ඇත. 22 February 2024
කුරුණෑගල පිරමිඩ වංචාකාරයන්ට රටයාම තහනම් කරයි ජනතා මුදල් රුපියල් කෝටි දාහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’රයිඩ් ටූ ත්‍රී ෆ්‍රීඩම්’’ (Ride to Three Freedom) නොහොත් R3F පිරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (22) නියෝග කළේය. 22 February 2024
දරුණු අපරාධකරුවන් 13 ක් ඩුබායිවලින් අල්ලයි මෙරට සිදුවූ දරුණු ඝණයේ අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ යැයි සැකකරන පුද්ගලයන් 13 ක් ඇතුළු ශ්‍රී ලාංකකියන් 20 කට අධික සංඛ්‍යාවක් ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බවත් එම සැකකරුවන් අතර පසුගියදා බෙලිඅත්තේදී සිදුවූ සමූහ ඝාතනයේ සැකරුවන් ද සිටින බවත් එක්සක් අරාබි එමිර් රාජ්‍ය ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. 22 February 2024
‘ගංගා’ හස්තායා ප්‍රබෝදමත්ව කොළඹ වාර්ෂික පෙරහැර මංගල්‍ය වන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 45 වැනි නවම් මහා පෙරහැරට එම විහාරස්ථානයේ ස්ථිර පදිංචිකරුවෙක් වන ‘ගංගා’ හස්තායා ප්‍රබෝදමත්ව මේ දිනවල සූදානම් වෙයි. 22 February 2024
කුඩු පැකට්ටුවක් අධිකරණ සිර මැදිරියට විසිකර මාස හයක් හිරේ යයි විවෘත අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසි කළ විතානගේ දොන් එරංද පෙරේරා නැමැති සැකකරුවෙකුට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මාස හයක සිර දඬුවමක් නියම කළේය. 22 February 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026