IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහල් නිවාසක ගින්නෙන් 4ක් මරුට: 14කට තුවාල

(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)

ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගරයේ මහල් නිවාසයක ඊයේ (22) ඇති වූ විශාල ගින්නකින් සිව් දෙනකු මියගොස් තවත් 14 දෙනකු තුවාල ලබා ඇතැයි හදිසි සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෝර්ජ් සුවාරෙස් මහතා ප්‍රකාශ කළේය.

ගිනි නිවීමේ ට්‍රක් රථ 16 ක් යෙදවූ පසුවත් ගොඩනැගිල්ලේ ගින්න නිවීමට ගිනි නිවන භටයන්ට අපහසු වී ඇති අතර ඒ හේතුවෙන් ගිනි නිවන භටයන් ගොඩනැගිල්ලේ පිටත බිත්ති ශීත කිරීමට උත්සාහ කර ඇත.

ගින්න ඇති වූ ආකාරයට ඇතුළේ සිට ගින්න නිවීම සඳහා ගොඩනැගිල්ලට ඇතුළු වීමට ගිනි නිවන භටයන්ට නොහැකි වූ බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවැසුවේය.ගින්න මුළු ගොඩනැගිල්ල පුරා පැතිරෙද්දී සිරවූ පුද්ගලයන් එක් එක් තට්ටුවල තිබූ සඳළුතලවලින් එළියට ගැනීමට ගිනි නිවන භටයන් කටයුතු කළේය.



අදහස් (0)

මහල් නිවාසක ගින්නෙන් 4ක් මරුට: 14කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site