IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කඳානේ වෙඩි තැබීමට සහය දුන් සංජීවගේ ගෝලයා මාට්ටු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

සංවිධානාත්මක අපරාධකල්ලි නායකයකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ මෙහෙයවීමෙන් කඳාන ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ  නිවසකට වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරුවකු ඊයේ (22)  අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.

ඉකුත් වසරේ අවස්ථා කිහිපයකදී මෙම ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් දී කප්පම් ඉල්ලා ඇති අතර ඊට යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා ඔහුව බිය ගැන්වීමේ අරමුණින් යතුරුපැදියකින් මුහුණු ආවරණය කරගත් දෙදෙනකු කඳාන පියෝමාවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගේ නිවසකට ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබුණි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් හානියක් නොවූ අතර ව්‍යාපාරිකයාගේ නිවසට හා ගේට්ටුවට හානි සිදුව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කදාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතරතුරදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් ආරම්භ කර තිබූ අතර ඊට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයින් 14 දෙනකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

එහෙත් සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු මේ වනවිට විදේශ රටකට පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී තිබූ බවත් යතුරුපැදිය පැදවූ පැදිකරු මත්තේගොඩ පොලිස් වසමේ සැරිසරන බවට විශේෂ කාර්යාංශයට  තොරතුරක් ලැබී තිබු බවත් පැවසේ.

ඒ  අනුව මත්තේගොඩ පොලිසියට අනුයුක්ත සේවයේ නිරත විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව තනමල්විල සූරිය ආර ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි "කොට්ටාවේ සුද්දා" ලෙස හඳුන්වනු ලබල පුද්ගලයෙකු මත්තේගොඩ නගර මධ්‍යයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.

සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී වෙඩි තැබීම සඳහා පැමිණි යතුරු පැදියේ පැදිකරු තමා බවත් ගනේමුල්ල සංජීව නමැත්තාගේ  උපදෙස් මත මෙම වෙඩිතැබීම සිදුකළ බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලීසිය කියයි.

වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව සැකකරු දොම්පේ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමග අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතව සිට ඉකුත් දෙසැම්බර් මාසයේදී ඇපමත නිදහස්ව ආ අයකු බවද පැවසේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා කඳාන පොලිසියට අද (23) භාරදීමට නියමිතව තිබුණි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙනිය මහතාගේ අධීක්ෂණය යටතේ  සහකාර පොලිස් අධිකාරි දර්ශන කුරුකූසූරිය මහතාගේ උපදෙස් මත මත්තේගොඩ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සිල්වා , පො.සැ (68189) සාගර  පො.කො (15486) තිළිණ (19020) සංඛ (23671) උඩුගම  (37211) උඩගේ  ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කරන් ලදී.



අදහස් (0)

කඳානේ වෙඩි තැබීමට සහය දුන් සංජීවගේ ගෝලයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site