IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කුඩු පැකට්ටුවක් අධිකරණ සිර මැදිරියට විසිකර මාස හයක් හිරේ යයි

(විමුක්ති එස් රුද්‍රිගු)

විවෘත අධිකරණයේ නඩු විභාග වෙමින් තිබියදී ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සිර මැදිරියට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසි කළ විතානගේ දොන් එරංද පෙරේරා නැමැති සැකකරුවෙකුට ගංගොඩවිල අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ මහතා මාස හයක සිර දඬුවමක් නියම කළේය.

තමන්ට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට එම විත්තිකරු පැමිණ තිබිණ.

සැකකරුගේ එම ක්‍රියාව විනිසුරු අසුනේ සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙන්ම විවෘත අධිකරණය හමුවේ රාජකාරියේ නිරතව සිටි අධිකරණය භාර පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ද දැක තිබුණු අතර එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වූ අධිකරණ පොලිස් නිලධාරී එල්.ජී.එෆ් මදුසංක මහතා එකී මත්ද්‍රව්‍ය අඩංගු කවරය සිය භාරයට ගෙන තිබුණේය.

එහිදී අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ සැකකරුට වෙන් වෙන්ව නඩු පැවරූ අතර එම චෝදනාවලට වරදකරු කරමින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාස තුනක සිර දඬුවමක්ද අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට බරපතළ වැඩ සහිත මාස තුනක සිර දඬුවම්ක්ද වන පරිදි මාස 6 ක සිර දඬුවමක් අතිරේක මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

 



අදහස් (0)

කුඩු පැකට්ටුවක් අධිකරණ සිර මැදිරියට විසිකර මාස හයක් හිරේ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site