IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොළඹ ආනන්ද විදුහලට පරිසර සම්මාන දෙකක්

(යොහාන් භාසුර)

කොළඹ, ආනන්ද විද්‍යාලයේ හරිත පාසල් ව්‍යාපෘතිය ශ්‍රී ලංකා දේශගුණික අරමුදල ස්වාධින නිර්දේශයට යටතේ පිරිනැමූ අයිඑස්ඕ ජාත්‍යන්තර සම්මාන දෙකක් හිමිකරගත්තේය.

ශ්‍රී ලංකාවේ පාසලක් අයිඑස්ඕ - 14064 සහ අයිඑස්ඕ - 14046 යන සම්මාන ද්විත්ව හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ.

‘හරිතානන්ද’ ව්‍යාපෘතිය ආනන්ද ඉතිහාසයේ ප්‍රධාන සංදිස්ථානයක් බවට පත්වෙමින් හරිතාගාර වායු විමෝචනය ගණනය කිරීමට, වාරිතා කිරීමට සහ අවම කිරීම වෙනුවෙන් කළ කැපවීම ඇගයිමට ලක් කරන අයිඑස්ඕ - 14064 සම්මාන ලැබීය.

එම විද්‍යාලය ඍජු හා වක්‍ර ජල පරිභෝජනයට අදාළ බහුවිධ ක්ෂේත්‍ර පදනම් සහ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය, යුරෝපිය සංගමයෙන් සංවර්ධනය කරන අයිඑස්ඕ ප්‍රමිතිය ජල සංරක්ෂණය, පරිභෝජනය ගුණාත්මකතාව උදෙසා ගන්නා උපාය මාර්ග සහ ජිවන චක්‍ර තක්සේරු කිරීම සඳහා වන අයිඑස්ඕ - 14046 සම්මාන ද හිමිකර ගත්තේය.

ආනන්ද විද්‍යාලයේ විදුහල්පති ඩී.එම්.එල්.පී. දිසානායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක ආනන්ද විදුහල් හරිත පාසල් ව්‍යාපෘතියට අයිඑස්ඕ ප්‍රමිතිය තත්ව ප්‍රදානයන් හිමිකර ගැනීමේ වගකීම ජේ.ඒ.කේ ජනකාන්ත ගුරුතුමා යටතේ ක්‍රියාත්මක විය.

මෙම ව්‍යාපෘතියට ආදි ආනන්දීය වෛද්‍ය සංගමය අනුග්‍රහය දැක්වීය. 



අදහස් (0)

කොළඹ ආනන්ද විදුහලට පරිසර සම්මාන දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site