(සමන් පාලිත නානායක්කාර)

        පවතින වර්ෂාවත්සමග  කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරංගහවෙල සිට බෙරගල හපුතලේ දක්වා මාර්ග කොටසට ගල් පෙරළීමේ අවදානමක් පවතින බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සභාපති ජගත් කුමාර රාජපක්ෂ මහතා පැවසීය.

       විශාල ගල් පර්වතයක් හපුතලේ බෙරගල අතර උඩ උඩ විහරගල ප්‍රදේශයේදී මාර්ගය මතට පතිත වීමෙන් එක් මන් තීරුවක් අවිහිර වී ඇති බවද ඒ මහතා පැවසීය.

අධික වර්ෂාව මෙන්ම අධික මීදුම් පවතින බැවින් මාර්ග මතට පතිත වී ඇති ගල් නොපෙනීම මත අනතුරක් සිදුවිය හැකි බවද එක්වරම මාර්ගය මතට පෙරළී එන ගල් පර්වත තුළින් විශාල අනතුරු සිදුවිය හැකි බැවින් ඉතා විමසිලිමත් විය යුතු බව සභාපතිවරයා අදාළ අංශ වෙත දන්වා ඇත.

       එමෙන්ම විමසිලිමත්ව රථවාහන ධාවනය කරන ලෙස පොලීසිය රියදුරන්ට දැනුම් දෙයි.