(සුජිත් හේවාජුලිගේ සහ අන්ජුල මහික වීරරත්න )
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝප් කමිටුව ) සහ රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) ඇතුළු පාර්ලිමේන්තු කාරක සභා 24 ක් සඳහා පත් කෙරුණු සාමාජික මන්ත්‍රී නාමාවලිය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) ඉදිරිපත් කළේය.
නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ ( කෝප් කමිටුව) සාමාජික මන්ත්‍රී ලේඛනයට එම කමිටුවේ හිටපු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ නමද ඇතුළත් වීම විශේෂත්වයකි.
නව වැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනවලදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශව වලින් පසුගිය කාලයේදී බරපතළ චෝදනා එල්ල විය.
එසේම පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ ඔහු එම තනතුරින් ඉවත් කිරීමට බවටද දේශපාලන ලෝකයේ මුල් කාලයේ කතා බහක් පැවතිණ.
ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව,මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව,ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව,මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව,කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යනාදී කාරක සභා සඳහාද නව සාමාජික මන්ත්‍රීවරු ඊයේ පත් කරනු ලැබූහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝප්,කෝපා කමිටුවලට පණ දෙයි
ලුම්බිණි Friday, 23 February 2024 04:11 AM
කොච්චර එලෙව්වත් යන්නේ නැති මිනිහෙක්.