IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා

(යොහාන් භාසුර)

මෙරට සමස්ත පාසල් දරුවන්ගෙන් සියයට 3 ක් හෙවත් දරුවන් 129,000 ක් පමණ පාසල් අධ්‍යාපනය නතර කර ඇතැයි එහි වාර්තා හෙළි කරන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මෙරට දරුවන්ගේ වයසට සරිලන බර නොමැති ප්‍රතිශතය තව දුරටත් ඉහළ ගොස් ඇති බවත් එය 2022 වසරේ සියයට 19.5 ක් වූ අතර 2023 වසරේ එය සියයට 21 ක් බවට පත්ව ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ ඇති සෞඛ්‍ය හා පෝෂණ කාර්යංශය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බවත් ඒ මහතා කීය.

නුවරඑළිය, අම්පාර, යාපනය, කෑගල්ල, කිලිනොච්චිය, කොළඹ සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වයසට සරිලන බර නොමැති දරුවන්ගේ ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බවත් එහි වැඩිම ප්‍රතිශතය සියයට 32.4 හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවතින බවත් ඩලස් අලහප්පෙරුම මහතා කීය.

 



අදහස් (3)

දරුවන් 129,000 ක් ඉගෙනීමට සමුදීලා

ravin Friday, 23 February 2024 02:19 PM

නියම සංවර්ධනයක් නේද? උජාරුවට උදම් අනන කට්ටියටම ඔය ටික කිව්වානම්..?

:       0       1

abarn Friday, 23 February 2024 05:27 PM

අයියෝ ඕක මොකක්ද? වයසට සරිලන ලෙස මොලේ වැඩුණු නැති අයත් පාර්ලිමේන්තුවේත් ඉන්න රටවල් තියෙනවානේ...!

:       0       2

චිරන්ත Friday, 23 February 2024 06:56 PM

දැන්වත් තමන්ගේ වැරැද්ද තෙරුම්ගන්න පුළුවන් වෙච්චි එක ගැන සතුටුයි මහත්තයෝ. ඔහේලා 1994 සිටම රජකම් කිරීමේ ප්‍රතිඵල තමයි දැන් තියෙන්නේ ඔයැයිගේ හිටපු ලොක්කා සුනාමි ආධාර වංචා කළා කියලා දැන දැනම මිනිහා ජනාධිපති කිරීම කළ තමනුත් ඔය හානිවලට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site