
(අන්තර්ජාලය ඇසුරෙන් විමුක්ති එස් රුද්‍රිගු)
තෙලඟනා ප්‍රාන්ත මන්ත්‍රී තිස් හත් හැවිරිදි ලස්යා නන්දිතා මහත්මිය ගමන් කරමින් සිටි එස්.යූ.වී රථය හයිද්‍රාබාද් නගරයේදී මාර්ගය වෙන් කිරීම සඳහා ඉදිකර ඇති බැම්මක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් අද(23) ජීවිතක්ෂයට පත් විය.
නන්දිතා මහත්මිය ගමන් කළ රථය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් රිය අනතුරු සිදුව ඇති බවත් මෙම අනතුරු පෙරවරු 5.30 ට පමණ සිදුව ඇති බවත් හයිද්‍රාබාද් පොලිසිය ප්‍රකාශ කළේය.රිය අනතුරු සිදුවූ ස්ථානයේදීම නන්දිතා මහත්මිය මිය ගොස් ඇති බවත් රියදුරු අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ ප්‍රතිකාර කරන බවත් පොලිසිය පැවැසුවේය.
භාරත් රාෂ්ට්‍ර සමිති දේශපාලන පක්ෂයේ නායිකාවද වූ ඇය මෙම මසදී මුහුණ දුන් දෙවැනි රිය අනතුර මෙය විය.මීට 10 දිනකට පෙරද ඇය රිය අනතුරකට මුහුණ දුන් අතර එහිදී ඇය සුළු තුවාල ලැබුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේම දේශපාලකයින්ට රිය අනතුරු බහුල කාලයක්, නිවන් සුව අත්වේවා...!