IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘‘ඡන්ද කල් දමන්න ඉඩ දෙන්න එපා‘‘

(ෂේන් සෙනෙවිරත්න)

වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා යැයි තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ  අදපැවැසූහ.

මහා නා හිමියන් ඒ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිිරිසක් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.

එහිදී මහනාහිමියෝ මෙසේ ද පැවැසූහ.

සෑම දේශපාලන පක්ෂයකම කාන්තාවන් දේශපාලනික වශයෙන් ක්‍රියාශීලව සිටීම සතුටට කරුණක් .

එදා එක්සත් ජාතික පක්ෂයට මහනුවර තිබූ බලය දැන් නැතිවී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනව.  මේ අවස්ථාවේදී සියලු දෙනා අමාරුවෙන් සිටින අවස්ථාවක්. රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක අප සියලු දෙනා එකම ආකාරයෙන් සිටිය යුතුයි.  එක් අයෙක් එක් විදිහකටත් තවත් අයෙක් තවත් විදියකටත් සිටීම සඳහා මාසික වැටුප වෙනස් කර ගැනීම අනුමත නොකළ හැකි බවද පැවසීය .

සමගි වනිතා බලවේගයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සමගි ජන බලවේගයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ උපලේකම් චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 



අදහස් (2)

‘‘ඡන්ද කල් දමන්න ඉඩ දෙන්න එපා‘‘

dupul Friday, 23 February 2024 08:15 AM

ජන්ද කල් දමන කට්ටිය පන්සල පැත්තේ ආවොත් පණිවිඩය කියන්න හොඳේ.

:       0       0

jagath chandana Friday, 23 February 2024 08:54 AM

ඕක දැන් අපිටද කියන්නේ .ගිහින් පාලකයින්ට කියපිය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site