(ෂේන් සෙනෙවිරත්න)
වත්මන් පාලකයන් ඡන්දය නොතැබීමට කටයුතු කළහොත් ඊට ඉඩ දෙන්න එපා යැයි තිබ්බටුවේ ශ්‍රී සිද්ධාර්ත සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියෝ අදපැවැසූහ.
මහා නා හිමියන් ඒ බව කියා සිටියේ සමගි වනිතා බලවේගයේ සාමාජිකාවන් පිිරිසක් මල්වතු මහ නා හිමියන් බැහැදුටු අවස්ථාවේදීය.
එහිදී මහනාහිමියෝ මෙසේ ද පැවැසූහ.
සෑම දේශපාලන පක්ෂයකම කාන්තාවන් දේශපාලනික වශයෙන් ක්‍රියාශීලව සිටීම සතුටට කරුණක් .
එදා එක්සත් ජාතික පක්ෂයට මහනුවර තිබූ බලය දැන් නැතිවී තිබෙන බවක් පෙනෙන්නට තිබෙනව. මේ අවස්ථාවේදී සියලු දෙනා අමාරුවෙන් සිටින අවස්ථාවක්. රටේ ආර්ථිකය වැටී තිබෙන අවස්ථාවක අප සියලු දෙනා එකම ආකාරයෙන් සිටිය යුතුයි. එක් අයෙක් එක් විදිහකටත් තවත් අයෙක් තවත් විදියකටත් සිටීම සඳහා මාසික වැටුප වෙනස් කර ගැනීම අනුමත නොකළ හැකි බවද පැවසීය .
සමගි වනිතා බලවේගයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ සමගි ජන බලවේගයේ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ උපලේකම් චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජන්ද කල් දමන කට්ටිය පන්සල පැත්තේ ආවොත් පණිවිඩය කියන්න හොඳේ.
ඕක දැන් අපිටද කියන්නේ .ගිහින් පාලකයින්ට කියපිය