සයිබර් අපරාධවලට සැරසුණු විදේශිකයින් තිදෙනකු අල්ලයි
චීන ජාතික ගුවන් මගීන් තිදෙනෙකු විසින් , මෙරට තුළ සයිබර් අපරාධ සිදු කිරීම සදහා යොදා ගැනීමට අවශ්‍ය යැයි සැක කෙරෙන , රුපියල් පනස් එක් ලක්ෂ හතලිස් දහසක් වටිනා ජංගම දුරකථන සහ ඒවා සදහා භාවිතා කෙරෙන බැටරි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .